Backpacker Visa කප්පාදුව නිසා ඕස්ට්‍රේලියාවේ බඩු මිල වැඩිවීමේ අවදානමක්!

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් Working Holiday Maker (Backpacker) වීසා සඳහා අලුතින් හඳුන්වා දුන් සීමා සහ Ballot System නීති හේතුවෙන් එරට කෘෂිකාර්මික, ගොවිපළ සහ සංචාරක ක්ෂේත්‍ර දැඩි බලපෑමකට ලක්ව ඇති බව එම ක්ෂේත්‍රවල නායකයින් පවසනවා.

ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම අලුත් ප්‍රතිපත්තිය මඟින්, රට තුළට පැමිණෙන ශුද්ධ සංක්‍රමණිකයන් සංඛ්‍යාව පාලනය කිරීමට රජය උත්සාහ කරනවා.

 

Backpacker වීසා සීමා කිරීම්වල සංඛ්‍යාලේඛන

2nd Year Visas: පසුගිය වසරේ 57,000 ක් වූ වීසා ප්‍රමාණය මෙවර 45,000 දක්වා සීමා කර තිබෙනවා.

3rd Year Visas: පසුගිය වසරේ 31,000 ක් වූ වීසා ප්‍රමාණය මෙවර 5,000 දක්වා විශාල ලෙස කපා හැර තිබෙනවා..  

නව Ballot System එක: දෙවන සහ තෙවන වසරේ වීසා දීර්ඝ කරගැනීමට නම් Ballot ක්‍රමයට මුහුණ දිය යුතු අතර, එමඟින් තේරී පත්වන අය Regional රැකියාවල නිරත වීම අනිවාර්යයි.

 

ගොවීන්ගෙන් සහ කෘෂිකාර්මික අංශයෙන් නැගෙන විරෝධය

National Farmers’ Federation (NFF) සංවිධානය පවසන්නේ රජයේ මේ පියවර නිසා ඕස්ට්‍රේලියාවේ ආහාර සුරක්ෂිතතාවය සහ ගොවිපළවල පැවැත්ම අනතුරේ වැටී ඇති බවයි.

අස්වැන්න නෙලීමට සේවකයින් නැහැ  Queensland සහ WA වල Harvest season එක ආරම්භ වී ඇති අතර, වීසා ප්‍රමාදය නිසා ගොවිපළවල්වල වැඩ කිරීමට සේවකයින් නොමැති බව ඔවුන් කියනවා. මීට පෙර දින කිහිපයකින් ලැබුණු වීසා සඳහා දැන් මාස 3 ක් දක්වා බලා සිටීමට සිදුවීම විශාල ගැටලුවක්. සේවකයින් නොමැති වීම නිසා එළවළු සහ පලතුරු අස්වැන්න නෙලා ගැනීමට නොහැකි වුවහොත් සුපිරි වෙළඳසැල්වල ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යා හැකියි.

අත්දැකීම් නැති අලුත් සේවකයින් යොදවා ගොවිපලවල ඇති දැවැන්ත යන්ත්‍රසූත්‍ර ක්‍රියාත්මක කිරීමට යෑමෙන් හදිසි අනතුරු සහ මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට ගොවීන් අනතුරු අඟවනවා.

 

සංචාරක ක්ෂේත්‍රයට වන බලපෑම

Backpackers ලා කියන්නේ රැකියා කරන අය විතරක් නෙවෙයි, ඔවුන් ඕස්ට්‍රේලියාව පුරා සංචාරය කරමින් මුදල් වියදම් කරන පිරිසක්. Western Australia හි සංචාරක ක්ෂේත්‍රයට පමණක් Backpacker සේවකයින් 4,500 ක් අහිමි වන අතර, එමඟින් ඩොලර් මිලියන 62 කට වඩා වැඩි සංචාරක ආදායමක් අහිමි වෙනවා. Exmouth, Broome, සහ Kununurra වැනි ප්‍රදේශවල හෝටල් සහ සංචාරක ව්‍යාපාර සේවකයින් නොමැතිව වැසී යාමේ තර්ජනයකට ලක්ව තියෙනවා.

ඔයා Working Holiday (417/462) වීසා ඔස්සේ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින අයෙක් නම්, ඉදිරි වසර සඳහා වීසා දීර්ඝ කරගැනීමට අලුත් Ballot System එක සහ ඒ සඳහා වන නීතිරීති ගැන දැඩි අවධානයෙන් සිටින්න!

Don't forget to share this post!

Recent Posts