ඕස්ට්‍රේලියානු රජය විසින් එරටට අත්‍යවශ්‍ය වෘත්තීය නිපුණතා ගෙන්නා ගැනීමටත්, ආර්ථික වර්ධනය ඉහළ නැංවීමටත්, සංක්‍රමණික පද්ධතියේ විනිවිදභාවය ආරක්ෂා කිරීමටත් අලුත්ම ප්‍රතිපත්ති මාලාවක් නිවේදනය කර තිබෙනවා. මෙමඟින් මෙරටට පැමිණෙන ශුද්ධ සංක්‍රමණිකයින් සංඛ්‍යාව (Net Overseas Migration) මෙවර මුල්‍ය වර්ෂයේදී 245,000 දක්වාත්, 2027/28 වන විට 225,000 දක්වාත් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඉදිරි මාස 12 ඇතුළත අදියරයෙන් අදියර ක්‍රියාත්මක වන මෙම ප්‍රධාන වෙනස්කම් පිළිබඳව රජයේ immi.homeaffairs.gov.au වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙහෙමයි.
- නීත්‍යානුකූල වීසා නැති අය පිටුවහල් කිරීම සහ Compliance තද කිරීම
වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව රට තුළ රැඳී සිටින පිරිස් සොයා ගැනීමට සහ ඔවුන්ව රටින් පිටුවහල් කිරීමට ඇති පරීක්ෂණ සහ නීතිමය පියවර දැඩි කර තිබෙනවා.
- ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා වීසා ඉක්මන් කිරීම (Ministerial Direction 119)
ඕස්ට්‍රේලියාවට වඩාත්ම අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා Skilled Migration වීසා අයදුම්පත් සලකා බැලීම ඉක්මන් කිරීමට කටයුතු කර තිබෙනවා..
healthcare, construction, education, law enforcement, defence, resources, agriculture, aquaculture සහ fishing ප්‍රමුඛතාව හිමිවන ක්ෂේත්‍ර අතර ප්‍රධාන තැනක් ගන්නවා.
- Student Visa සඳහා නව සීමා සහ “Visa Hopping” නතර කිරීම
එක් පාඨමාලාවකින් තවත් පාඨමාලාවකට මාරු වෙමින් නොකඩවා වීසා කාලය දික් කරගැනීම සීමා කෙරෙනවා.
බොහෝ ශිෂ්‍ය වීසා සඳහා තමන්ගේ පවුලේ සාමාජිකයින් (Secondary applicants/dependents) එකතු කරගැනීමේ අවස්ථාව සීමා කර තිබෙනවා.
- Tourist Visa සඳහා “No Further Stay” කොන්දේසිය
සියලුම Visitor Visas සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.. එමඟින් සංචාරකයින් ලෙස පැමිණ රට ඇතුළත සිට වෙනත් වීසා සඳහා අයදුම් කරමින් රැඳී සිටීම නතර කෙරෙනවා.
- Working Holiday Maker (Backpacker) වීසා සඳහා Ballot System එකක්
දෙවන සහ තෙවන වසර සඳහා Working Holiday වීසා ලබාගැනීමේදී Regional work කොන්දේසිය සහිතව Ballot system ක්‍රමයක් හඳුන්වා දෙනවා..
මෙම වීසා සඳහා වන Processing කාලය මාස 3 ක් දක්වා ස්ථාවර කිරීමට නියමිතයි.
- හොර Migration Agents ලාට සහ Character Test එකට තද නීති (Ministerial Direction 110)
වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් අයදුම්පත් යොමු කරන හොර Migration Agents ලාට එරෙහිව දැඩි දඬුවම් පනවනවා.
ළමා අපරාධවලට ලක්වූවන් ආරක්ෂා කිරීම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය (Domestic violence) පාලනය කිරීම සහ වෛරී ප්‍රකාශ පිටුදැකීම වෙනුවෙන් Character Test එක නැවත යාවත්කාලීන කර තිබෙනවා..
ඉදිරි මාස 12 ඇතුළත මෙම සියලුම නීති අදියරෙන් අදියර ක්‍රියාත්මක වෙන බව තමයි immi.homeaffairs.gov.au වෙබ් අඩවිය සඳහන් කරන්නේ. ඔයත් අලුතෙන් වීසා සඳහා අයදුම් කිරීමට සූදානම් වෙනවා නම් යාවත්කාලීන වූ නව නීතිරීති ගැන දැඩි අවධානයෙන් සිටින්න!