ඕස්ට්‍රේලියාවට ඉගෙන ගන්න එන international student කෙනෙක් විදිහට ඔයා ඉන්න මුළු කාලසීමාව පුරාම Overseas Student Health Cover (OSHC) එක එහෙමත් නැත්නම් සෞඛ්‍ය රක්ෂණයක් තියාගන්න එක අනිවාර්ය නීතියක්.
ශිෂ්‍යයාට විතරක් නෙවෙයි, ඔයා එක්ක එන Dependent අය (සැමියා/බිරිඳ සහ අවුරුදු 18 ට අඩු දරුවන්) සඳහාත් මේ OSHC එක ගන්න අවශ්‍යයි.
අද අපි කතා කරන්නේ OSHC එකෙන් කවර් වෙන්නේ මොනවාද සහ ඒක ලබාගන්නේ කොහොමද කියන එක ගැනයි..
- OSHC එකෙන් cover වෙන්නේ මොනවාද?
OSHC සපයන ආයතන විවිධ Plan ඉදිරිපත් කරනවා. නමුත් සාමාන්‍ය Basic OSHC Plan එකකින් පහත සඳහන් දේවල් cover වෙනවා:
- Doctor (GP) Visits: සාමාන්‍ය වෛද්‍යවරුන් හමුවී ලබාගන්නා ප්‍රතිකාර.
- Hospital Treatments: රෝහල් ගතවී ලබාගන්නා ඇතැම් ප්‍රතිකාර.
- Ambulance Services: හදිසි ගිලන්රථ සේවාවන්.
- Pharmaceuticals: සීමිත ඖෂධ වර්ග සඳහා යන වියදම්.
- OSHC එකෙන් cover වෙන්නේ නැති දේවල් මොනවාද?
මූලික OSHC Plan එකෙන් පහත සඳහන් ප්‍රතිකාර cover වෙන්නේ නැහැ:
- දන්ත ප්‍රතිකාර (Dental)
- ඇස් පරීක්ෂණ සහ කණ්නාඩි (Optical)
- භෞතික චිකිත්සක ප්‍රතිකාර (Physiotherapy)
ඔබට මේවාත් cover කරගන්න ඕන නම්, OSHC එකට අමතරව Extras OSHC, වෙනම Private Health Insurance එකක් හෝ Travel Insurance එකක් මිලදී ගන්න පුළුවන්.
- OSHC මිලදී ගන්න පුළුවන් කොහෙන්ද?
ඕස්ට්‍රේලියානු රජයේ ලියාපදිංචි පහත සඳහන් සෞඛ්‍ය රක්ෂණ ආයතන කිහිපයෙන් පමණක් ඔබට OSHC මිලදී ගන්න පුළුවන්. ඒ ඒ ආයතනවල මිල ගණන් සහ Plan එකිනෙකට වෙනස් වෙනවා. ඒ නිසා plans සහ prices compare කරලා බලන්න වෙනවා.
- ahm OSHC
- Allianz Care Australia (Peoplecare)
- BUPA Australia
- CBHS International Health
- Medibank Private
- NIB OSHC
- OSHC එක දිගටම පවත්වාගෙන යාම අනිවාර්යයි!
ඕස්ට්‍රේලියානු Department of Home Affairs නීතිවලට අනුව, ඔයා ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින මුළු කාලය පුරාම OSHC එක සක්‍රීයව පවත්වාගෙන යන්න අවශ්‍යයි. එය කල් ඉකුත් වීමට නොදී renewal කරගැනීම ඔයාගේ Student Visa කොන්දේසි ආරක්ෂා කරගන්න ඉතාමත් වැදගත් වෙනවා.
OSHC එක මිලදී ගන්න කලින් ආයතන 2-3 ක මිල ගණන් සහ හිමිවන පහසුකම් Compare කරලා බලන්න. වැඩිදුර තොරතුරු රජයේ Private Health නිල වෙබ් අඩවියෙන් (https://www.privatehealth.gov.au/health_insurance/overseas/overseas_student_health_cover.htm ලබාගන්න පුළුවන්!