Reserve Bank of Australia (RBA) හි ප්‍රධාන නිලධාරීන් විසින් ෆෙඩරල් පාර්ලිමේන්තුව හමුවේ දැක්වූ අදහස් හමුවේ, ඉදිරි සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන Monetary Policy Board රැස්වීමේදී Cash rate එක නැවතත් 4.6% දක්වා ඉහළ නංවනු ඇති බවට ආර්ථික විද්‍යාඥයින් සහ මූල්‍ය වෙළඳපොළ දැඩි ලෙස විශ්වාස කරනවා.
මහ බැංකු නියෝජ්‍ය අධිපති Andrew Hauser ප්‍රකාශ කළේ දැනට පවතින උසස් පොලී අනුපාතයන් යථාර්ථවාදී සහ සාධාරණ මට්ටමක පවතින බවත්, ලෝකය නැවතත් ඉහළ පොලී අනුපාත පවතින සාමාන්‍ය යුගයකට ගමන් කර ඇති බවත්ය.
පොලී අනුපාතය ගැන ආර්ථික විද්‍යාඥයින්ගේ අදහස
Financial markets මඟින් සැප්තැම්බර් මාසයේදී පොලී අනුපාත වැඩිවීමට 95% ක කැමැත්තක් දක්වා ඇති අතර, Capital Economics සහ RBC වැනි ප්‍රධාන ආයතන මෙය “Done deal” එකක් ලෙස සලකනවා.
RBC ආයතනයේ Robert Thompson පවසන්නේ සැප්තැම්බර් මාසයේ 4.6% දක්වා වැඩිවීමෙන් පසුව, නොවැම්බර් මාසයේදී නැවතත් 4.85% දක්වා පොලී අනුපාත ඉහළ යා හැකි බවයි. මෙය 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් (GFC) පසු ඕස්ට්‍රේලියාවේ සටහන් වන ඉහළම පොලී අනුපාතය වනු ඇත.
COVID කාලයේ තිබූ ඉතා අඩු පොලී අනුපාතයන් අසාමාන්‍ය තත්වයක් බවත්, දැන් ලෝකය නැවතත් සාමාන්‍ය ඉහළ පොලී අනුපාත යුගයකට පැමිණ ඇති බවත් Andrew Hauser පවසනවා. ණය ලබාගත් පිරිස් මෙම නව යථාර්ථයට හැඩගැසිය යුතු බව ඔහු පෙන්වා දෙනවා.
මැදපෙරදිග අර්බුදය නිසා ඉන්ධන සහ තෙල් මිල ගණන් දිගටම ඉහළ මට්ටමක පැවතීම මඟින් උද්ධමනය පාලනය කිරීම සහ රැකියා උත්පාදනය අතර පවතින සමබරතාවය ගැටලුසහගත වී ඇති බව RBA අධිපතිනිය වන Michele Bullock පවසනවා. උද්ධමනය පාලනයෙන් තොර වීමට ඉඩ නොදෙන බව ඇය අවධාරණය කරනවා.
Housing Market එකට වන බලපෑම
මිල ගණන් යම් තරමකින් පහතට: සිඩ්නි සහ මෙල්බර්න් හි නිවාස මිල ගණන් 5% – 6% ත් අතර ප්‍රමාණයකින් සහ අනෙකුත් ප්‍රාන්තවල 1% – 2% ත් අතර ප්‍රමාණයකින් පහත වැටී තිබෙනවා..
RBA හි Brad Jones පවසන්නේ COVID-19 වසංගතයට පෙර පැවති මිල ගණන්වලට සාපේක්ෂව ඕස්ට්‍රේලියාවේ නිවාස මිල තවමත් 50% කින් පමණ ඉහළ මට්ටමක පවතින බැවින්, මෙම සුළු මිල පහත වැටීම මූල්‍ය පද්ධතියට විශාල තර්ජනයක් නොවන බවයි.
ඔයා ඕස්ට්‍රේලියාවේ Home Loan එකක් ගෙවන කෙනෙක් නම් හෝ අලුතින් නිවසක් මිලදී ගැනීමට plan කරනවා නම්, ඉදිරි මාසවලදී බැංකු පොලී අනුපාත තවත් ඉහළ යා හැකි බැවින් ඔබේ Repayments සඳහා සූදානම් වෙන්න!