ඔයා Singleද? මාසෙකට $776ක් අහිමි වෙන ඕස්ට්‍රේලියාවේ “Singles Tax” එක ගැන දන්නවද?”

Single කෙනෙක්ට, එහෙමත් නැත්නම් තනිකඩ කෙනෙක්ට සාමාන්‍යයෙන් තමන්ගේ නිවසේ Rent එක, Electricity, Internet bills සහ Insurance වැනි වියදම් බෙදාගන්න කෙනෙක් නැති නිසා Couple එකකට වඩා වැඩි වියදමක් දරන්න සිදුවෙනවා. මේ අමතර මුදල් බර ඕස්ට්‍රේලියාවේ හඳුන්වන්නේ “Singles Tax” එක කියලා..

මේක ATO එකෙන් අයකරන බද්දක් නම් නෙවෙයි. මේ කියන්නේ තනිවම ජීවත් වීමේදී දරන්න වෙන අමතර ආර්ථික බර ගැනයි.. ABS එකේ දත්ත වලට අනුව, තනිවම ජීවත් වන අයෙකු මසකට ජීවන වියදම් සඳහා average $2,835 ක් වැය කරන අතර, couple එකක, එක් අයෙකු වැය කරන්නේ $2,059 ක් පමණයි. ඒ කියන්නේ තනිවම ජීවත් වන අයෙකුට මසකට $776 ක අමතර වියදමක් දරන්න සිදුවෙනවා.

 

ඉතින් අද අපි කියන්නේ තනිවම ජීවත් වන අයට සල්ලි ඉතිරි කරගන්න වැදගත් වෙන දේවල් කිහිපයක්

Emergency Fund එකක් පවත්වා ගැනීම

රැකියාව අහිමි වීමක් හෝ හදිසි වියදමක් ආවොත් සහය වෙන්න වෙනත් ආදායමක් නැති නිසා, තනිවම ජීවත් වන අය තමන් වෙනුවෙන් ප්‍රමාණවත් Emergency Cash Buffer එකක් තබා ගැනීම ඉතාම වැදගත්.

 

Fixed Costs නැවත පරීක්ෂා කිරීම

Internet, Electricity, Insurance වැනි ස්ථිර වියදම් සඳහා වෙනත් ආයතන ලබාදෙන Better Deals ගැන සොයා බලා ඒවාට මාරු වීමෙන් වියදම අඩු කරගන්න පුළුවන්. 

 

Tax Savings සහ Superannuation

Tax time එකේදී හිමිවන Deductions සහ Voluntary Super Contributions වැනි ක්‍රම හරහා බදු මුදල් ඉතිරි කරගැනීම ගැන qualified accountant කෙනෙක්ගෙන් උපදෙස් ලබාගන්න පුළුවන්.

 

Financial Counsellor කෙනෙක්ගේ සහය ලබාගැනීම

ණය බරින් හෝ වියදම් පාලනය කරගන්න බැරුව අසීරුතාවයට පත්ව සිටිනවා නම්, ඕස්ට්‍රේලියාවේ නොමිලේ ලබාදෙන Financial Counselling සේවාවන් ලබාගන්න පුළුවන්.

 

ආර්ථික පීඩනය තුළ, වියදම් බෙදා ගැනීමට අවශ්‍ය නිසා කවුරුන් හෝ සහකරුවෙකු සමඟ ජීවත් වීමට බොහෝ දෙනෙක් යොමු වී සිටිනවා. තනිවම ජීවත් වීම නිසා අමතර වියදමක් ගියත්, ආර්ථික වාසිය උදෙසා පමණක් තමන්ට නෙගැලපෙන සහකරුවෙකු තෝරාගැනීමට වඩා, මෙම “Singles Tax” එක ගෙවමින් තමන්ගේ නිදහස සහ ස්වාධීනත්වය රැකගැනීම වඩාත් සුදුසු බව මූල්‍ය උපදේශකයින් පෙන්වා දෙනවා.

 

Single-person households ප්‍රමාණය ඉදිරි වසර 20 ඇතුළත ඕස්ට්‍රේලියාවේ සමස්ත households වලින් 28%ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. Singles Tax එක අඩු කරගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම ගැන ඔයාගේ අදහස මොකක්ද?

Don't forget to share this post!

Recent Posts