Oct 4 සිට වෙලාව පැයකින් ඉදිරියට! ඔයාගේ State එකටත් Daylight Saving අදාළයිද?

ඔස්ට්‍රේලියාවේ daylight saving time එක ළඟම එනවා. මේ වෙනස්වීම ගැන ඔබ දැනගත යුතුම දේවල් කිහිපයක් තමයි අද අපි කියන්නේ..

 

Daylight saving time start වෙන්නේ කවදාද?

ඔක්තෝබර් 4 වන ඉරිදා දින මධ්‍යම රාත්‍රී 2:00 ට, ඒ කියන්නේ පාන්දර 2:00 ට ඔරලෝසුවල වේලාව පැයකින් ඉදිරියට වෙනස් කළ යුතුයි. ඒ කියන්නේ පාන්දර 2.00 ට වෙලාව පාන්දර 3.00 වෙනවා.

සම්බන්ධ වන ප්‍රාන්ත: ACT, NSW, SA, Tasmania සහ Victoria යන ප්‍රාන්තවල ඔරලෝසු මේ විදිහට ඉදිරියට මාරු කෙරෙනවා.

වෙනස් නොවන ප්‍රාන්ත: Northern Territory, Queensland සහ Western Australia මේ සඳහා හවුල් වන්නේ නැහැ. ඒ නිසා එම ප්‍රාන්තවල වෙලාව වෙනස් වෙන්නේ නැහැ.

ඔබේ smart devices වල automatically update වුණත්, ovens සහ microwaves වැනි ගෘහස්ථ උපකරණවල සහ අනෙකුත් analogue clocks වල වේලාව ඔයාටම වෙනස් කරන්න වෙනවා. සෙනසුරාදා රෑ නිදාගන්න යන්න කලින් මේවා හදාගන්න එක වඩාත් ලේසියි.

 

ශරීරය මේ වෙනසට හුරු කරගන්නේ කොහොමද?

පැයකින් නින්ද අහිමි වීම හෝ වෙලාව වෙනස් වීම අපේ ශරීරයේ අභ්‍යන්තර ඔරලෝසුවට, එහෙමත් නැත්නම් circadian rhythm එකට ටිකක් බලපානවා. ඒ නිසා Sleep Health Foundation එකෙන් පහත උපදෙස් ලබා දෙනවා.

කලින් නිදාගන්න යන්න: මේ සති අන්තයට පෙර දින 3-4 ක් යනතුරු සාමාන්‍ය වෙලාවට වඩා මිනිත්තු 15-20 ක් කලින් නිදාගන්න පුරුදු වෙන්න.

උදෑසන අවදිවීම: සෙනසුරාදා සහ ඉරිදා දිනවල සාමාන්‍ය වෙලාවට වඩා මිනිත්තු 30 ක් කලින් alarm එක තියාගන්න.

උදෑසන අව්වට යන්න: උදෑසන එළිමහනේ ඇවිදීමෙන් හෝ අව්වට නිරාවරණය වීමෙන් ඔබේ ශරීරයේ ඔරලෝසුව අලුත් වෙලාවට ඉක්මනින් හුරු කරගන්න පුළුවන්.

ව්‍යායාම සහ ආහාර: නින්දට යාමට ආසන්නව දැඩි ව්‍යායාම කිරීමෙන් වළකින්න. ඒ වගේම බඩගින්නේ හෝ බරපතල ආහාර වේලක් ගත් විගසම නිදාගන්න යන්න එපා.

 

මේක Long Weekend එකක්ද?

ඔව්, සමහර ප්‍රාන්තවලට විතරයි! ACT, New South Wales and South Australia ජනතාවට ඔක්තෝබර් 5 වන සඳුදා Labour Day නිවාඩුවත් සමඟ මේක යෙදිලා තියෙන නිසා අලුත් වෙලාවට හුරු වෙන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒත් Tasmania සහ Victoria ප්‍රාන්තවලට සඳුදා දිනය නිවාඩු දවසක් වෙන්නේ නැහැ.

 

ඔස්ට්‍රේලියාවේ Time Zones වෙනස් වෙන්නේ කොහොමද?

daylight saving පටන් ගත්තම ඔක්තෝම්බර් සිට අප්‍රේල් දක්වා ප්‍රධාන වශයෙන් පහත Time Zones ක්‍රියාත්මක වෙනවා;

AEDT: ACT, New South Wales, Tasmania and Victoria

AEST: Queensland

ACDT: South Australia

ACST: Northern Territory

AWST: Western Australia

 

අප්‍රේල් සිට ඔක්තෝම්බර් දක්වා ක්‍රියාත්මක වන්නේ පහත time zones 

AEST: ACT, New South Wales, Queensland, Tasmania and Victoria

ACST: Northern Territory and South Australia

AWST: Western Australia

 

මීට අමතරව, NSW ප්‍රාන්තයට අයත් Broken Hill නගරය South Australia’s time වෙලාව අනුගමනය කිරීම, Lord Howe Island සඳහා ඔවුන්ගේ  time zone එකක් තිබීම වගේ වෙනස් වෙන තැන කිහිපයකුත් තියෙනවා.

 

ඔබත් මේ වෙනස්වන ප්‍රාන්තයක නම්, අමතක නොකර ඔබේ ඔරලෝසුවල වේලාව හරියට සකස් කරගන්න!

https://www.abc.net.au/news/2026-09-24/daylight-saving-time-summer-2026/107179622 

 

Don't forget to share this post!

Recent Posts