ඕස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සඳහා එන International Studentsලාට තමන්ගේ ඉගෙනීම් කටයුතුවලට අමතරව Part-time හෝ Casual රැකියාවක් කරන්න අවස්ථාව හිමි වෙනවා. ඒකෙන් අමතර ආදායමක් වගේම හොඳ පළපුරුද්දක් සහ අලුත් යහළුවන් හාඳුනාගන්නත් මඟ පෑදෙනවා.
රැකියාවක් හොයන්න කලින් තමන්ගේ Visa Rules ගැන වගේම, අධ්‍යාපනයයි රැකියාවයි සමබරව කරගෙන යන්න කාලය තියෙනවාද කියන එක ගැනත් සැලකිලිමත් විය යුතුයි.
Job එකක් හොයාගන්න ප්‍රධාන පියවර 6
විශ්වවිද්‍යාලයේ Career Center එකට යන්න: ඔබ ඉගෙනගන්නා ආයතනයේ හෝ ප්‍රාන්තයේ තියෙන Study Destination Agency එකෙන් රැකියා සෙවීමට උපදෙස් සහ සහාය ලබාගන්න පුළුවන්.
Networking: ඔයා Job එකක් හොයන බව යහළුවන්ට, පවුලේ අයට, clubs සහ alumni groups වලට දැනුම් දෙන්න.
Recruitment Agencies හරහා ලියාපදිංචි වෙන්න: එකකට වඩා වැඩි රැකියා ඒජන්සි ගණනක ඔබේ තොරතුරු (CV) ලබාදී ලියාපදිංචි වීමෙන් රැකියාවක් ලැබීමේ සම්භාවිතාව වැඩි කරගන්න පුළුවන්.
Volunteering සහ Internships: පඩි නොලැබුණත් Volunteering හෝ Internship කිරීමෙන් ලොකු පළපුරුද්දක් සහ සබඳතා ගොඩනගාගෙන පසුව පඩි ලැබෙන රැකියාවකට මාරු වෙන්න පුළුවන්.
Job Noticeboards පරීක්ෂා කරන්න: විශ්වවිද්‍යාලයේ තියෙන Noticeboards සහ Alumni Groups නිතර පරීක්ෂා කළ යුතුයි.
Online job sites භාවිත කරන්න:
Seek, Adzuna, LinkedIn, Career One, Explore Jobs, Grad Australia, Student Job Australia වැනි වෙබ් අඩවි හරහා Apply කරන්න.
Full-time, Part-time සහ Casual අතර වෙනස මොකක්ද?
ඕස්ට්‍රේලියාවේ රැකියාවල ස්වභාවය අනුව හිමිවන අයිතිවාසිකම් සහ වැටුප් වෙනස් වෙනවා.
Full-time (පූර්ණකාලීන): සාමාන්‍යයෙන් සතියට පැය 38ක් වැඩ කළ යුතුයි. ස්ථිර මාසික හෝ සතිපතා වැටුපක් ලැබෙන අතරම, අසනීප වූ විට ලබාගන්නා Sick leave සහ Annual leave සඳහා පඩි ගෙවීම් හිමි වෙනවා.
Part-time (අර්ධකාලීන): සතියට පැය 38ට වඩා අඩු, කලින් එකඟ වූ නියමිත පැය ගණනක් වැඩ කළ යුතුයි. hospitality, retail, care industries සහ supply chain වැනි ක්ෂේත්‍රවල Part-times බහුලව තියෙනවා. Full-time අයට වගේම වැඩ කරන පැය ගණනට සාපේක්ෂව පඩි ලැබෙන නිවාඩු හිමි වෙනවා.
Casual: ස්ථිර වැඩ කරන පැය ගණනක් නැහැ, සතියෙන් සතිය පැය ගණන වෙනස් වෙන්න පුළුවන්. මේ අයට Paid leave හිමි වන්නේ නැහැ. හැබැයි නිවාඩු නැති අඩුව පියවන්න පැයකට ලැබෙන පඩිය (Hourly rate) සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් හිමි වෙනවා.
Fair Work Ombudsman: ඕස්ට්‍රේලියාවේ රැකියා අයිතිවාසිකම් සහ අවම වැටුප් පිළිබඳ නිල තොරතුරු ලබාගැනීමට Fair Work Ombudsman නිල වෙබ් අඩවියට පිවිසෙන්න 👇