Sydney, Melbourne වල නිවාස මිල ගණන් 2021 මට්ටමටම බහී! 

ඕස්ට්‍රේලියාවේ property prices තවත් අවුරුද්දක පමණ කාලයක් දිගටම පහළ යනු ඇති බවට අලුත්ම property industry survey එකකින් අනාවරණය වෙලා තියෙනවා. The Australian Property Institute (API) එකේ real estate experts ලා 384 දෙනෙක් යොදාගෙන කරපු මේ survey එකට අනුව, පසුගිය March මාසයේ තිබ්බ peak level එකේ ඉඳන් 8% ත් 11% ත් අතර ප්‍රමාණයකින් home prices fall වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ.
Market එකේ දැනට තත්ත්වය
Cotality property data වලට අනුව March ඉඳන් මේ වෙද්දිත් 5.2% කින් විතර value එක අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ price drop එකේ භාගයක් විතර දුර දැන් ගිහින් ඉවරයි.
Sydney සහ Melbourne නගර වල prices 11% කින් විතර drop වුණොත්, ඒක 2021 පෙබරවාරි වල තිබ්බ levels වලටම ආයෙත් අඩුවීමක් වෙනවා.
CommBank economists ලත් එයාලගේ housing forecasts අලුත් කරලා තියෙනවා. එයාලට අනුව national level එකෙන් 9% ක වගේ drop එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම Sydney වල 13% කින් සහ Melbourne වල 12% කින් වගේ අඩුවෙන්න ඉඩ තියෙනවා.
ඇයි මේ විදියට Property Prices අඩුවෙන්නේ?
API index එකට අනුව ඕස්ට්‍රේලියාවේ property market strength එක දැනට තියෙන්නේ 4.3/10 වගේ දුර්වල මට්ටමක. මේකට ප්‍රධානම හේතු කීපයක් බලපාලා තියෙනවා. එනම්
 RBA (Reserve Bank) එක cash rate එක 4.6% දක්වා (අවුරුදු 15ක highest level එකට) වැඩි කරලා තියෙනවා. තවත් rate hikes ඉස්සරහට එන්න පුළුවන් කියලත් warning දීලා තියෙනවා.
 RBA එක inflation එක control කරන එක ගැන විතරක් focus කරලා ඉන්න නිසා, house prices අඩුවීම ගැන එයාලා ලොකුවට වද වෙන්නේ නෑ කියන එක පැහැදිලියි.
Property investors ලට දෙන negative gearing සහ capital gains tax concessions වෙනස් කිරීමේ (2027 ජූලි ඉඳන් ක්‍රියාත්මක වෙන) තීරණය buyers ලගේ confidence එකට ලොකු බලපෑමක් කරලා තියෙනවා.
Middle East conflict එක, AI boom එක සහ El Niño climate changes නිසා ගෝලීය වශයෙන් බඩු මිල ඉහළ යාමත් මේකට වක්‍රාකාරව බලපාලා තියෙනවා.
API research head වෙන Sherman Chan පවසන පරිදි market එකේ ගොඩක් buyers ලා දැන් ඉන්නේ “wait and see” mindset එකක. ඒ කියන්නේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලලා තීරණ ගන්න තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ.
මේ තත්ත්වය යථා තත්ත්වයට පත්වෙලා නැවතත් property prices අලුතින් recover වෙන්න පටන් ගන්නේ 2027 September වල විතර කියලා තමයි මේ survey එකෙන් පෙන්නලා දෙන්නේ. නමුත් government එකෙන් අලුත් policy changes ගැන පැහැදිලි අදහසක් දුන්නොත් ඊට කලින් වුණත් market එක rebound වෙන්න ඉඩකඩ තියෙනවා.

Don't forget to share this post!

Recent Posts