ඔයාත් ඕස්ට්‍රේලියාවේ Migrant කාන්තාවක් ද? අනිවාර්යයෙන්ම Breast Cancer ගැන දැනගත යුතු දේවල්

ඕස්ට්‍රේලියාවේ පමණක් සෑම දිනකම පුද්ගලයන් 56 දෙනෙක් Breast Cancer (පියයුරු පිළිකා) රෝගයට ගොදුරු වෙනවා. ඒ වගේම වසරකට 3,300කට වඩා ජීවිත මේ නිසා අහිමි වෙනවා. නමුත් කණගාටුවට කරුණක් නම් වෙනත් රටවල් වලින් පැමිණි සංක්‍රමණික (Migrant) කාන්තාවන් මේ සඳහා පරීක්ෂාවලට යොමු වීමේ විශාල අඩුවක් දක්නට ලැබීමයි.
Macquarie විශ්වවිද්‍යාල රෝහලේ Breast Radiologist Dr. Hawraa Al-Naqshabandi මෑතකදී SBS Arabic සමඟ එක්වෙමින් මේ පිළිබඳව ඉතා වැදගත් කරුණු කිහිපයක් ඉදිරිපත් කරනවා.
පවුලට කලින් තමන්ගේ සෞඛ්‍යය ගැන හිතන්න
සංස්කෘතිකමය හේතූන් නිසා විශේෂයෙන්ම ආසියාතික සහ මැදපෙරදිග කාන්තාවන් තමන්ගේ සෞඛ්‍යයට වඩා සැමියා, දරුවන් සහ පවුලට මුල්තැන දෙනවා. තමන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව දැන දැනත් පවුලේ වැඩකටයුතු නිසා ඔවුන් එය කල් දානවා (Delay healthcare). නමුත් වෛද්‍යවරිය පවසන්නේ “ඔබේ පවුලට ඔබේ සෞඛ්‍යය ඉතාමත් වැදගත්” බවයි. ඒ වගේම Language barrier (භාෂාමය බාධාවන්) නිසාත් බොහෝ දෙනෙක් වෛද්‍යවරයෙක් හමුවෙන්න මැලි කමක් දක්වනවා.
Early Detection (කලින් හඳුනාගැනීම) කියන්නේ ජීවිතයක්!
ඔබට ගැටයක් (Lump) අසුවෙන්නත් කලින්, ඉතා කුඩා අවධියේදීම පිළිකා තත්ත්වයන් Screening Mammogram එකක් හරහා හඳුනාගන්න පුළුවන්.
මෙලෙස කලින් හඳුනාගැනීමෙන් (Early detection) ලොකු සැත්කම් අවශ්‍ය වෙන්නේ නැහැ,බොහෝ රෝගීන්ට Chemotherapy (රසායනික ප්‍රතිකාර) ලබාදීමට අවශ්‍ය වෙන්නෙත් නැහැ,පිළිකාව ශරීරයේ අනෙක් අවයව වලට පැතිරී යාම සම්පූර්ණයෙන්ම නතර කරගත හැකියි.
කිසිදා නොසලකා හැරිය යුතු රෝග ලක්ෂණ (Symptoms to Never Ignore)
ඔබ මෑතකදී Mammogram පරීක්ෂාවක් කර තිබුණත් පහත ලක්ෂණ ඇත්නම් වහාම ඔබේ General Practitioner (GP) හමුවෙන්න.
පියයුරුවල ගැටයක් (Lump) ස්පර්ශ වීම.
පියයුරේ හෝ තනපුඩුවේ හැඩයේ වෙනසක් සිදුවීම.
තනපුඩුවෙන් යම් ශ්‍රාවයක් පිටවීම (විශේෂයෙන් පැහැදිලි වර්ණයක් නැති දියරයක් හෝ ලේ මිශ්‍ර ශ්‍රාවයක් – clear or bloody discharge).
සමාජයේ තියෙන මිත්‍යා මත (Common Misconceptions)
“පවුලේ කාටවත් පිළිකා නැත්නම් මට හැදෙන්නේ නෑ” – මෙය සම්පූර්ණයෙන්ම වැරදියි. Family history එකක් නැති අයටත් Breast cancer හැදෙන්න පුළුවන්.
“තරුණ අයට මේවා හැදෙන්නේ නෑ” – වයස අවුරුදු 20, 30 කාන්තාවන්ටත් දැන් මේ අවදානම තියෙනවා. ඔබ තරුණ වුණත්, ගැටයක් අසු වුණොත් වහාම වෛද්‍යවරයෙක් හමුවෙන්න.
“Mammogram නිසා පිළිකා හැදෙනවා” – මේක ලොකු මිත්‍යාවක්! (Rumor/Myth). Mammogram පරීක්ෂාවන් නිසා කිසිදිනෙක පිළිකා ඇතිවෙන්නේ නැහැ. ඇත්තම කතාව නම් Mammogram screening නිසා ජීවිත දහස් ගණනක් බේරී තිබෙනවා.
බය වෙන්න එපා, පහසුකම් තියෙනවා!
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 50 සිට 74 දක්වා කාන්තාවන්ට සෑම වසර 2කට වරක්ම Free Breast Screening ලබා දෙනවා.
භාෂාව ගැන හෝ පරීක්ෂාව ගැන බියක් තියෙනවා නම් ඔබට කාන්තා කාර්ය මණ්ඩලයක් (Women staff only) ඉල්ලා සිටිය හැකියි. ඒ වගේම නොමිලේ භාෂා පරිවර්තකයෙක්ගේ (Translator) සහය ලබාගන්නත් පුළුවන්. මේ පරීක්ෂාවට යන්නේ විනාඩි 5ක් වගේ ඉතා සුළු කාලයක් පමණයි.
Don’t wait! ඔබට යම් සැක සහිත වෙනසක් දැනෙනවා නම් අදම ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න. ඉක්මන් ප්‍රතිකාර මගින් ඔබට ඔබේ පවුල සමඟ තවත් බොහෝ කාලයක් සතුටින් ජීවත් වෙන්න පුළුවන්.
(Source: SBS Arabic Podcast / National Breast Cancer Foundation)

Don't forget to share this post!

Recent Posts