අපි වයසට යනකොට අපේ අවශ්යතාවයන් වෙනස් වෙනවා වගේම අපි ජීවත් වෙන පරිසරයත් අපිට ගැලපෙන විදිහට වෙනස් කරගන්න සිද්ධ වෙනවා. මේ දවස්වල Real Estate ලෝකයේ ගොඩක් කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි “Downsizing” කියන්නේ.
ඕස්ට්රේලියාවේ කරපු අලුත්ම පර්යේෂණයකට GemLife and REA Group Research 2026 අනුව Downsizing කියන්නේ නිකම්ම නිදන කාමර අඩු, කුඩා ගෙදරකට යන එකට වඩා එහා ගිය දෙයක්. මේක සම්පූර්ණයෙන්ම Lifestyle එක්ක සම්බන්ධ දෙයක්.
මොනවද මේ වාර්තාවෙන් ඉදිරිපත් වුණු කරුණු ?
Housing Mismatch ප්රශ්නය (ගෙවල් වල ඉඩ සහ පවුල් වල ප්රමාණය)
ඕස්ට්රේලියාවේ වයස්ගත ජනගහනය (ageing population) වේගයෙන් වැඩි වෙමින් පවතිනවා. 2050 වෙද්දී එරට ජනගහනයෙන් 35%ක්ම වයස 55ට වැඩි අය වෙනවා.මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි
වයස 55ට වැඩි පවුල් වලින් 90% කටම වගේ අඩුම තරමේ එක Spare bedroom (අමතර නිදන කාමරයක්) එකක් හරි තියෙනවා. 60% කට කාමර 2කට වඩා වැඩියෙන් තියෙනවා. අනිත් පැත්තෙන් අවුරුදු 25-54 අතර ඉන්න තරුණ පවුල් වලට දරුවොත් එක්ක ඉන්න ප්රමාණවත් ඉඩක් සහිත ගෙවල් නැති ප්රශ්නයක් තියෙනවා.ඉතින් මේ older generation එක තමන්ට ගැලපෙන, නඩත්තු කරන්න ලේසි ගෙවල් වලට (Downsize) ගියාම, අර ලොකු ගෙවල් younger generation එකේ පවුල් වලට මිලදී ගන්න අවස්ථාව ලැබෙනවා. මේක මුළු Housing market එකටම ලොකු වාසියක්.
Downsizers ලා ඇත්තටම හොයන්නේ මොනවාද? (Lifestyle matters!)
ගොඩක් අය හිතන්නේ වයසට යද්දී ගෙදර කුඩා කරගන්නවා කියලා. හැබැයි Prospective downsizers ලා ගෙවල් මාරු කරන්නේ පොඩි ගෙවල් වලට යන්නම නෙවෙයි ඔවුන්ට ඕනේ නිදහස සහ කාලය ඉතිරි කරගන්න.

ප්රධාන වශයෙන් ඔවුන් බලන දේවල් තමයි
Low-maintenance living (79%) ගෙදර අතුගාන්න, මිදුල සුද්ද කරන්න, රෙපෙයාර් වැඩ වලට කාලය නාස්ති නොකර නිදහසේ ඉන්න.
Security and peace of mind (62%) හොඳ ආරක්ෂාවක් සහ මානසික නිදහස.
Proximity to amenities & Healthcare (61%) පහසුකම් වලට තියෙන සමීප බව. විශේෂයෙන්ම Healthcare (සෞඛ්ය සේවා/රෝහල්) ළඟින්ම තියෙන එක ඔවුන්ට ගොඩක් වැදගත්.
ඒ වගේම ගෙදර පොඩි වුණත්, Garage එකක්, Outdoor space එකක්, හොඳ Quality finishings වගේම තමන්ව බලන්න එන නෑදෑයොන්ට ඉන්න පුළුවන් විදිහේ ප්රමාණවත් ඉඩක් තියෙන එකත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.
Downsize කරන්න තියෙන බාධා මොනවාද?
මේක අහන්න ලේසි වුණාට, තමන්ගේ ගෙදර අතැරලා යන එක ගොඩක් අයට අමාරු තීරණයක්. ගෙවල් මාරු කරන එකේ තියෙන කරදරය සහ Stamp duty වගේ අමතර වියදම් (transaction costs) මේකට ලොකු බාධාවක් වෙලා තියෙනවා.අවුරුදු ගාණක් හිටපු, මතකයන් පිරිච්ච ගෙදරට සහ අසල්වැසියන්ට තියෙන බැඳීම නිසා ගොඩක් අය ගෙදර අතැරලා යන්න කැමති නැහැ.
Housing providers ලට මේක හොඳ Opportunity එකක්. හැබැයි ඔවුන් සාර්ථක වෙන්න නම් මේ Downsizers ලගේ ප්රශ්න ගැන අවධානය යොමු කරන්න ඕනේ. අනාගතයේදී ගෙවල් නිර්මාණය කරද්දී Transparent costs, හොඳ Facilities සහ අසල්වැසියන් එක්ක එකතුවෙලා ඉන්න පුළුවන් Social connection එකක් හැදෙන විදිහේ Community environments හදන එක ගොඩක් වැදගත් වෙනවා.
Downsizing කියන්නේ ජීවිතේ අලුත් Chapter එකක් සැහැල්ලුවෙන් පටන් ගන්න එකටයි!
සම්පූර්ණ වාර්තාව මෙතැනින් කියවන්න;