Victoria ඉන්න කාන්තාවන්ට ඡන්දෙට කලින් ලැබුණු සුපිරි පොරොන්දුව!

මීළග November 28 වෙනිදා පැවැත්වෙන Victoria state election එකට කලින් කාන්තාවන්ට ඉතාමත් වැදගත් news එකක් ඇවිත් තියෙනවා. Victorian Labor Party එක සහ Opposition එක (විරුද්ධ පක්ෂය) යන ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වෙලා තියෙනවා ඔවුන් බලයට පත් වුණොත් Victoria ප්‍රාන්තය තුළ Abortion care (ගබ්සා කිරීමේ සෞඛ්‍ය සේවා) සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා කියලා. මේ නිසා ඊළඟට කවුරු ආණ්ඩුව පත්වුනොත් මේ පහසුකම කාන්තාවන්ට අනිවාර්යයෙන්ම ලැබෙනවා.

දැනට තියෙන ප්‍රශ්නය මොකක්ද? (The Current Barrier)

දැනට මේ ක්‍රියාවලියේදී Medicare මගින් යම්කිසි cover එකක් ලැබුණත්, blood tests, scans, medication සහ travel costs නිසා කාන්තාවකට සාමාන්‍යයෙන් ඩොලර් 700 ත් 1,000+ ත් අතර out-of-pocket cost (අතින් යන වියදමක්) දරන්න වෙනවා.

විශේෂයෙන්ම low-income අයට මේක ලොකු ප්‍රශ්නයක්. සමහරුන්ට මේ වියදම නිසා rent එක ගෙවනවද නැත්තම් healthcare එක ගන්නවද කියලා තීරණය කරන්න පවා සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම Regional Victoria (ග්‍රාමීය ප්‍රදේශ) වල ඉන්න අයට මේ පහසුකම් ගන්න ගොඩක් දුර travel කරන්න වෙන නිසා cost එක තවත් වැඩියි.

ගබ්සාවක් සඳහා අවශ්‍ය ප්‍රතිකාර වලට යන සම්පූර්ණ වියදම (සති 16 දක්වා) ආවරණය කිරීම පක්ෂ දෙකේම අරමුණයි.

දුර බැහැර ඉන්න කාන්තාවන්ට, Victorian Patient Transport Assistance Scheme හරහා travel costs cover කරන්න Labor Party එක යෝජනා කරලා තියෙනවා.

Medical abortion එකක් (ඖෂධ මගින් සිදු කරන) සඳහා දැනට තියෙන සති 9ක limit එක සති 10ක් දක්වා වැඩි කරන්නත් සැලසුම් කරලා තියෙනවා.

Tackling “Abortion Deserts”: පහසුකම් අඩු ග්‍රාමීය ප්‍රදේශ වලට portable ultrasound machines ලබා දීලා, nurses ලා මාර්ගයෙන් ලබාදෙන සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීමටත් කටයුතු යොදා තියෙනවා.

අනෙකුත් දේශපාලන පක්ෂ වල අදහස් (Reactions)

මේ තීරණයට Greens, Animal Justice සහ Legalise Cannabis වගේ minor parties වල full support එක ලැබිලා තියෙනවා. නමුත් ඔවුන් චෝදනා කරන්නේ මේ වගේ අත්‍යවශ්‍ය දෙයක් කරන්න election එකක් එනකම් අවුරුදු ගාණක් බලන් හිටපු එක ගැනයි.

“කාන්තාවන්ගේ සෞඛ්‍ය අයිතිවාසිකම් (Reproductive rights) දේශපාලන වාසි වලට (political wedge) පාවිච්චි නොකළ යුතුයි” කියන එක ඔවුන්ගේ ප්‍රධාන අදහස වෙලා තියෙනවා.මෙම තීරණය නිසා ඉදිරියේදී Victoria හි කාන්තාවන්ට cost එක ගැන වද වෙන්නේ නැතුව තමන්ගේ සෞඛ්‍ය තීරණ නිදහසේ ගන්න ලොකු පහසුවක් වෙනවා.

Don't forget to share this post!

Recent Posts