මේ දවස්වල අපිට නිතරම news වලින් ඇහෙන්නේ ආර්ථිකය (economy) කඩාගෙන වැටිලා jobs නැති වෙලා යනවා වගේ කතා නේද? නමුත් මෑතකදී Independent Australia වෙබ් අඩවියේ Alan Austin විසින් ඉදිරිපත් කර ඇති කරුණුවලින් මේ තත්ත්වය ගැන වෙනස්ම පැහැදිලි කිරීමක් සිදු කරලා තියෙනවා. මූලිකවම මෙහි සඳහන් වනුයේ ඕස්ට්රේලියාවේ ආර්ථිකය ලෝකයේ අනිත් ගොඩක් රටවලට වඩා ගොඩක් හොඳ තත්ත්වයක තියෙන බවය.
September 2026 ABS දත්තවලින් කියන්නේ මොකක්ද?
2026 සැප්තැම්බර් මාසයේ Australian Bureau of Statistics (ABS) දත්තවලට අනුව දැනට රැකියා වියුක්තිය (Unemployment Rate) තියෙන්නේ 4.7% ක මට්ටමක. 2020 කොරෝනා කාලේ මේක 6.92% දක්වා වැඩි වෙලා තිබුණා. ඒ කාලය එක්ක බලද්දී මේක ගොඩක් හොඳ තත්ත්වයක්. ඒ වගේම Full-time Jobs ගොඩක් තියෙනවා. News channels වලින් ඉදිරිපත් කරන ආකාරයට රැකියා 39,300 කින් අඩු වුණා කියා පැවසුවත්, ඇත්තටම ඒ අඩු වෙලා තියෙන්නේ part-time සහ casual jobs පමණයි. මේ කාලය ඇතුළත Full-time jobs 34,400 කින් වැඩි වෙලා තියෙනවා!

ලෝකයේ අනිත් රටවල් එක්ක බලද්දී ඕස්ට්රේලියාව කොතනකද ඉන්නේ?
ලෝකේ තියෙන දියුණුම රටවල් 38ක් ඉන්න OECD (Organisation for Economic Cooperation and Development) දර්ශකවලට අනුව Australia ඉන්නේ 10 වෙනි තැන. New Zealand, Canada, Germany සහ UK වගේ රටවල් එක්ක compare කරද්දී ඕස්ට්රේලියාවේ unemployment rate එක ගොඩක් අඩුයි. Triple-A credit rating එකක් තියෙන, unemployment සහ inflation එක 5% ට අඩුවෙන් පවත්වාගෙන යන ලෝකේ තියෙන රටවල් දෙකෙන් එකක් තමයි Australia. අනිත් රට Switzerland.
එහෙනම් ඇයි News වලින් මිනිස්සුන්ව බය කරන්නේ?
Channels සහ අනිත් mainstream media මේ දත්ත පාවිච්චි කරන්නේ මිනිස්සුන්ව බය කරලා දේශපාලනික වාසි ගන්නත්, “Unemployment shock”, “40,000 Aussies fall out of work” වගේ ලොකු headlines දාලා මිනිස්සුන්ගේ මානසිකත්වය වට්ටන්නත් ඔවුන් කටයුතු කරන බවට සඳහන් වෙනවා. New Zealand වැනි රටවල්වලද ආර්ථිකය මීට වඩා ගොඩක් අමාරු තත්ත්වයක පවතින (උද්ධමනය 4.1% කට වඩා වැඩියි) බවට සඳහන් වෙනවා.
ඕස්ට්රේලියාවේ Economy එකේ යම් යම් අභියෝග (challenges) තිබුණත්, overall ගත්තොත් job market එක සහ economy එක ඉතාමත් strong තත්ත්වයක තියෙන්නේ. විශේෂයෙන්ම full-time jobs තාමත් අලුතින් create වෙනවා. ඒ නිසා ඒ දේවල් පිළිබඳව අවධානය යොමු කරන එක තමයි වඩාත් වැදගත් වන්නේ.