අඩු Living Cost එකකින් ඕස්ට්‍රේලියාවේ අලුත් ජීවිතයක් පටන්ගන්න ලෑස්තිද? දැනගන්න කියවන්න.

තනිවම අලුත් ජීවිතයක් පටන්ගන්න බලාපොරොත්තු වෙන ඕස්ට්‍රේලියා අයට iSelect ආයතනය විසින් සිදුකරන ලද අලුත්ම පර්යේෂණයකින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා.

අඩුම වියදමකින් පදිංචියට යා හැකි ප්‍රාන්ත

Tasmania – අලුතින් තනි කෙනෙක්ට අලුත් නිවසක් සැකසීමට අඩුවෙන්ම වියදම් යන ප්‍රාන්තය මෙයයි. Average moving cost එක $3922 කි. ටැස්මේනියාවේ සාමාන්‍ය මාසික ආදායම $3038 ක් වන බැවින් මෙය සති 5.59 ක ආදායමකට සමාන වේ.

South Australia – දෙවනුවට ලාභදායී ප්‍රාන්තය වන්නේ මෙයයි. ඒ සඳහා සාමාන්‍යයෙන් $4005 ක් (සති 5.46 ක පඩියක්) වැය වෙනවා.

Northern Territory (NT)- මෙහි අලුතින් පදිංචියට යාමට $4213 ක් වැය වෙනවා. නමුත් සාමාන්‍ය මාසික ආදායම $4056 ක් ලෙස ඉහළ මට්ටමක පවතින නිසා මේ සඳහා වැය වන්නේ සති 4.50 ක ආදායමක් පමණයි.

Housing Prices

අඩුම මිලකට නිවසක් මිලදී ගත හැකි capital city එක ලෙස Darwin ඉදිරියෙන් සිටී (Median price $638,000 / Regional $367,000). ඊට අමතරව Hobart හි average capital city dwelling එකක් $729,000 ක් වන අතර Regional Tasmania හි නිවසක් $594,000 කට මිලදී ගත හැක. South Australia හි Adelaide නගරයේ නිවාස සාමාන්‍යයෙන් $915,000 ක් වන අතර regional properties $531,000 ක් වෙනවා.

 

වැඩිම වියදමක් දැරීමට සිදුවන ප්‍රදේශ

Australian Capital Territory (ACT) මුදල් අගයෙන් බැලූ විට අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට මිල අධිකම ප්‍රදේශය ACT වේ. Newly single පුද්ගලයෙකුට upfront costs ලෙස $5255 ක් ගෙවීමට සිදුවන අතර එය සති 4.37 ක ආදායමකි.

New South Wales මූල්‍යමය වශයෙන් දැඩිම බලපෑමක් එල්ල වන්නේ NSW හි ජීවත් වන අයට වෙනවා. Move වීම සඳහා $5005 ක් වැය වන අතර එය සාමාන්‍ය පුද්ගල ආදායමෙන් සති 6.16 ක මුදලකට සමාන වෙනවා.

ආර්ථික අර්බුදය සහ Rate Hikes

Cost-of-living crisis එකක් පවතින මේ සමයේ Reserve Bank එක මගින් නැවතත් interest rate එකක් වැඩි කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. Cash rate එක 4.60% සිට 4.85% දක්වා වැඩි වුවහොත් $731,000 ක loan එකක් ඇති කෙනෙකුගේ මාසික වාරිකය මේ වසර මුල තිබූ ගණනට වඩා $578 කින් පමණ වැඩි විය හැක.

iSelect හි Adrian Bennett පෙන්වා දෙන පරිදි ඕනිම තත්වයක් සඳහා යම් මුදලක් ඉතිරි කර (savings) තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. එසේම තම home and contents insurance එක review කර බඩු බාහිරාදිය නිවැරදිව රක්ෂණය කර ඇත්දැයි තහවුරු කර ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා.

Don't forget to share this post!

Recent Posts