ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් සහිත වැඩිම ඉල්ලුමක් ඇති රැකියා ලැයිස්තුව!

ඕස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ තුළ මේ දිනවල දැවැන්ත පිබිදීමක් දක්නට ලැබෙන අතර විශේෂයෙන්ම වසරකට ඩොලර් ලක්ෂයකට (100,000$) වඩා වැඩි වැටුපක් ලබා දෙන පතල් සහ ඉංජිනේරු ක්ෂේත්‍රවල රැකියා සඳහා ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. Seek ආයතනය විසින් නිකුත් කරන ලද නවතම දත්ත මගින් මේ බව තහවුරු කර තියෙනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට AI වලින් ලැබෙන සහය
කෘත්‍රිම බුද්ධියේ (AI) දැවැන්ත වර්ධනයත් සමඟ දත්ත මධ්‍යස්ථාන (Data centres) ගොඩනැගීමේ අවශ්‍යතාවය දැඩි වී තියෙනවා. මේ හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී ඇති අතර ඇතැම් රැකියා සඳහා වාර්ෂික වැටුප ඩොලර් 200,000 ද ඉක්මවනවා.

පසුගිය වසරේ ජුනි-අගෝස්තු කාලයට සාපේක්ෂව මේ වසරේ එම කාලය තුළ විදුලි ව්‍යාපෘති ඉංජිනේරුවන් (Electrical project engineers) සඳහා වූ රැකියා දැන්වීම් 94% කින් ඉහළ ගොස් ඇත. ඔවුන්ගේ සාමාන්‍ය වාර්ෂික වැටුප ඩොලර් 150,000 ක් පමණ වෙනවා. එමෙන්ම වාණිජ කළමනාකරුවන් (Commercial managers) සඳහා වන ඉල්ලුම 64% කින් වර්ධනය වී ඇති අතර ඔවුන්ට ඩොලර් 208,000 කට වඩා වැඩි ආදායමක් ඉපයීමේ හැකියාව පවතී.

පතල් සහ ඉංජිනේරු අංශය
ඩොලර් ලක්ෂයට වඩා වැඩි සාමාන්‍ය වැටුපක් සහිත ඕස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇති රැකියා 10 න් 6 ක්ම ඉදිකිරීම්, පතල් කැණීම් හෝ ඉංජිනේරු අංශයට සම්බන්ධ ඒවා වීම විශේෂත්වයකි. උදාහරණයක් ලෙස පතල් ඉංජිනේරුවන් (Mining engineers) සොයන රැකියා දැන්වීම් ප්‍රමාණය 97% කින් ඉහළ ගොස් තිබෙනවා.

ආර්ථික විද්‍යාඥ බ්ලෙයාර් චැප්මන් (Blair Chapman) පවසන්නේ ඕස්ට්‍රේලියානු ආර්ථිකයට පතල් කර්මාන්තයේ ඇති වැදගත්කම හොදින්ම පැහැදිලි වෙනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම ද මෙම ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිකයන්ට විශාල වාසියක් වී ඇත.

යටිතල පහසුකම් සංවර්ධනය
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉල්ලුම වැඩි වීමට රජයේ මැදිහත්වීම ද ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
“ඕස්ට්‍රේලියාව පුරා රජයන් යටිතල පහසුකම් සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් සිටිනවා. ප්‍රධාන දුම්රිය ව්‍යාපෘති ඇතුළුව මහා පරිමාණ ව්‍යාපෘති රැසක් නැගෙනහිර ප්‍රාන්තවල ක්‍රියාත්මක වෙමින් පවතිනවා,” යනුවෙන් චැප්මන් මහතා සඳහන් කරනවා.

තාක්ෂණික සහ කළමනාකරණ රැකියා සඳහා ඇති ඉල්ලුම
පතල් සහ ඉදිකිරීම් වලින් බැහැරව බැලූ විට AI තාක්ෂණයේ නැගී සිටීම වෙනත් රැකියා සඳහා ද ඉහළ බලපෑමක් එල්ල කරනවා.

Platform engineers වෙබ් අඩවි සහ මාර්ගගත වේදිකා නිර්මාණය කිරීම සහ නඩත්තු කිරීම සිදු කරන මොවුන්ට සාමාන්‍යයෙන් වසරකට ඩොලර් 145,000 ක පමණ වැටුපක් හිමිවෙනවා. ව්‍යාපාරිකයන් AI තාක්ෂණය සමඟ තරඟ කිරීමට උත්සාහ කිරීම මීට ප්‍රධාන හේතුවයි.

Workshop managers ලා විවිධ වෙළඳ අංශවල සේවය කරන මොවුන්ගේ රැකියා දැන්වීම් 38% කින් වැඩි වී ඇති අතර සාමාන්‍ය වාර්ෂික වැටුප ඩොලර් 115,000 ක් පමණ වෙනවා.

Care managers ඕස්ට්‍රේලියාවේ වයස්ගත ජනගහනය වර්ධනය වීමත් සමඟ සෞඛ්‍ය සහ වෛද්‍ය අංශවල සත්කාර කළමනාකරුවන් සඳහා ඉල්ලුම ඉහළ ගොස් තියෙනවා . ඔවුන්ගේ සාමාන්‍ය වාර්ෂික වැටුප ඩොලර් 127,000 ක් පමණ වෙනවා.

තාක්ෂණික වෙනස්කම් සහ රජයේ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ නව මාවතකට අවතීර්ණ වී ඇති බව මෙම දත්ත මගින් තහවුරු කරනවා.

(Sources -Revealed: The six-figure jobs that are most in-demand in Australia – Nine News)

https://www.nine.com.au/australia-news/revealed-the-six-figure-jobs-that-are-most-in-demand-in-australia-20261020-p616rc.html

 

Don't forget to share this post!

Recent Posts