ඔයා අලුත් job එකක් හොයන කෙනෙක්ද? නැත්නම් career change එකක් ගැන හිතනවාද? එහෙමත් නැත්නම් දරුවාගේ අනාගත career options ගැන හොයන දෙමාපියෙක්ද? මේ හැමෝටම ගොඩක් වැදගත් වෙන අලුත්ම platform එකක් Jobs and Skills Australia (JSA) විසින් හඳුන්වා දීලා තියෙනවා. එනම් Atlas Discover.
දත්ත ගැන ලොකු දැනුමක් නැති ඕනෑම කෙනෙක්ට පහසුවෙන් use කරන්න පුළුවන් විදිහට design කරලා තියෙන මේ Atlas Discover හරහා ඔස්ට්රේලියාවේ ශ්රම වෙළඳපොළේ (Australian labour market) තියෙන අලුත්ම opportunities මොනවාද කියලා ඉතා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.

Atlas Discover හි තියෙන Features මොනවාද?
Occupations Compare කරන්න- රැකියා කිහිපයක් එකිනෙකට side-by-side compare කරලා බලන්න මේකෙන් අවස්ථාව ලැබෙනවා.
Pay & Working Conditions- විවිධ රැකියාවලින් ලැබෙන පඩිය සහ ඒවගේ තියෙන working conditions මොනවාද කියලා පහසුවෙන් දැනගන්න පුළුවන්.
Qualifications-තමන් කැමති field එකට යන්න සම්පූර්ණ කරන්න ඕනේ qualifications මොනවාද කියලා බලාගන්න මේක ලොකු උදව්වක්.
Future Demand එක- ඉදිරියේදී ඔස්ට්රේලියාව පුරාම වැඩිපුරම demand එකක් තියෙන jobs මොනවාද කියලා කලින්ම තේරුම් ගන්න පුළුවන්.
JSA හි Deputy Commissioner, Megan Lilly පවසන පරිදි මේ Atlas Discover launch කරලා තියෙන්නේ ඔස්ට්රේලියාව පුරා පැවැත්වෙන ‘Jobs & Skills Month’ සැමරුමට සමගාමීවයි.

වර්තමානයේ Artificial Intelligence (AI) වගේ අලුත් තාක්ෂණයන් සහ clean energy වැනි අංශවල වර්ධනයත් එක්කම Australian economy එක සීඝ්රයෙන් වෙනස් වෙමින් පවතිනවා. අනාගත අභියෝගවලට මුහුණ දෙන්න අවශ්ය නිවැරදි තීරණ ගන්න (confident decisions) මේ Atlas Discover හරහා සහයක් ලැබෙන බව Megan Lilly වැඩිදුරටත් අදහස් දක්වමින් ප්රකාශ කළා.
ඔයාගේ ඊළඟ career move එක ගැන confident තීරණයක් ගන්න ඔයාත් මේ අලුත් tool එක try කරලා බලන්න.
Jobs and Skills Australia official website එක හරහා Atlas Discover වෙත දැන් පිවිසෙන්න පුළුවන්
🔗 https://www.jobsandskills.gov.au/jobs-and-skills-atlas/discover
https://www.jobsandskills.gov.au/news/atlas-discover-makes-jobs-and-skill-data-more-accessible-1