ඔස්ට්රේලියාවේ Permanent Resident (PR) කෙනෙක් වුණත් ඔයාට ඕනෑම වෙලාවක රටින් පිටවෙලා ආයෙත් ඔස්ට්රේලියාවට එන්න automatic right එකක් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ඔයාට PR visa එකේ valid “travel facility” එකක් තිබීම අනිවාර්ය වෙනවා.
Travel Facility කියන්නේ මොකක්ද?
Travel facility එකක් මගින් ඔයාට අදාළ කාල සීමාව ඇතුළත ඕනෑම වාර ගණනක් ඔස්ට්රේලියාවට ඇතුළු වීමට සහ පිටවීමට අවසර ලබා දෙනවා. සාමාන්යයෙන් පළමු PR visa (උදා: Skilled හෝ Family PR) එක grant කරනකොට අවුරුදු 5ක travel facility එකක් ලැබෙනවා.

විදෙස්ගත වීමට පෙර අනුගමනය කළ යුතු පියවර 3ක්
Travel Facility එක Check කරන්න- රටින් පිටවෙන්න කලින් ඔයාට visa grant notification letter එක හෝ VEVO (Visa Entitlement Verification Online) හරහා travel facility එකේ expiry date එක පරීක්ෂා කරන්න.
Expire වෙලා නම් අලුතින් Apply කරන්න- ඔයාට travel facility එක expire වෙලා නම් හෝ ඔයා පිටරට ඉන්න කාලයේදී expire වෙනවා නම්, නැවත ඔස්ට්රේලියාවට එන්න කලින් අනිවාර්යයෙන්ම Resident Return Visa (RRV) එකක් apply කළ යුතුයි. (ඔයා Citizen කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් Citizenship apply කළ හැකියි).
Passport Details Update කරන්න- ඔයා අලුත් passport එකක් අරගෙන තිබෙනවා නම් ගමනට පෙර එය VEVO හරහා ඔබේ වීසා එකට link කරන්න. එසේ කලේ නැත්නම් ගුවන් තොටුපළේදී ප්රමාදයන්ට මුහුණ දීමට සිදුවිය හැක.

Temporary Visa එකකින් නැවත පැමිණීමේ අවදානම් ප්රතිඵල
ඔයාගේ PR travel facility එක expire වී ඇති නිසා ඔයා ETA (Electronic Travel Authority) හෝ Visitor visa වැනි temporary visa එකකින් නැවත ඔස්ට්රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළහොත් බරපතල ගැටලුවලට මුහුණ දීමට සිදුවෙනවා .
මේ හරහා ඔයාගේ Permanent resident status එක, Australian citizenship ලබාගැනීමේ සුදුසුකම ,Medicare පහසුකම් ,Unrestricted work rights (රැකියා කිරීමේ අයිතිය) සහ අනෙකුත් රජයේ දීමනා අහිමි වීමේ දැඩි අවදානමක් තියෙනවා.
ඔයා ඔස්ට්රේලියාවේම සිටිනවා නම් ඔයාගේ travel facility එක expire වුණත් ගැටලුවක් නැහැ. ඔයා රටින් පිටවෙන්නේ නැති තාක් කල් ඔයාගේ PR එක valid.
ඔයා 1990ට පෙර ඔස්ට්රේලියාවට ආපු කෙනෙක් නම් ඔයාට electronic visa record එකක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා VEVO පාවිච්චි කරන්න බැහැ. ගමනට පෙර PR proof අරගෙන RRV එකක් apply කිරීම අනිවාර්යයි.
TFER Email Reminders ඔයා අලුත් RRV එකක් apply කරලා නැත්නම් travel facility එක expire වෙන්න දවස් 60කට කලින් Home Affairs එකෙන් ඔයාට email reminder එකක් එවනවා.
මේ ගැන තවදුරටත් දන ගැනීමට පිවිසෙන්න- https://immi.homeaffairs.gov.au/visas/permanent-resident/overseas-travel