ඔස්ට්‍රේලියානු රජය විසින් Student visa (subclass 500) සහ Student Guardian visa (subclass 590) සඳහා 2026 ඔක්තෝබර් 2 දින සිට ක්‍රියාත්මක වන පරිදි නව නීති හඳුන්වා දී තිබෙනවා. මෙම වෙනස්කම්වල ප්‍රධාන අරමුණ වන්නේ Student visa program එකෙහි ගුණාත්මකභාවය (integrity and quality of education) තහවුරු කිරීම සහ temporary stays සඳහා පමණක් එය නිසි ලෙස භාවිතා කිරීම සහතික කිරීමයි. මෙමගින් genuine students ලාට කිසිදු බලපෑමක් නොවන බව රජය පවසනවා.
- Onshore Visa Applications (ඔස්ට්‍රේලියාවේ සිටියදීම වීසා අයදුම් කිරීම)
2026 ඔක්තෝබර් 2 සිට, Working Holiday Maker සහ Skills in Demand වැනි temporary visa holders ලාට ඔස්ට්‍රේලියාවේ සිටියදීම (onshore) Student visa එකකට apply කිරීමේ හැකියාව අහිමි වනවා. එමෙන්ම දැනටමත් Student visa එකක් සහිත සිසුන්ටද විශේෂ exemption එකක් නොමැතිව තවත් Student visa එකකට onshore apply කළ නොහැකියි.
ඔබට Onshore Apply කළ හැකි Exemptions :
DFAT (Department of Foreign Affairs and Trade) හෝ Department of Defence මගින් sponsor කරන සිසුන් .
Doctoral degree (PhD) හෝ primary/secondary school අධ්‍යාපනය හදාරන සිසුන්.
Education provider ගේ ගැටලුවක් නිසා (provider default) course එක කරගෙන යාමට නොහැකි වූ සිසුන් .
දැනට කරන course එක අවසන් කිරීමට තවත් මාස 12ක් දක්වා අමතර කාලයක් අවශ්‍ය සිසුන් .
දැනට හදාරන course එක අවසන් කර higher-level course එකකට (higher AQF level) progress වන සිසුන්.
Intergate Emigration
ඉහත exemptions වලට ඔබ අදාළ නොවේ නම් ඔබට අනිවාර්යයෙන්ම Student visa එක සඳහා ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට (offshore) අයදුම් කිරීමට සිදුවනවා. එමෙන්ම වීසා එක grant වන අවස්ථාවේදීත් ඔබ ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටීම අනිවාර්යයි .

- Family Members ලාව Visa එකට ඇතුළත් කිරීමේ නව නීති
මෙය බොහෝ දෙනෙකුට බලපාන ප්‍රධාන වෙනස්කමක්. 2026 ඔක්තෝබර් 2 න් පසු අලුතින් Student visa එකකට apply කරනවිට පවුලේ සාමාජිකයන් (spouse හෝ ළමුන්) ඇතුළත් කිරීම තහනම් කර තිබෙනවා. ඒ වගේම visa එක ලැබුණට පස්සේ පවුලේ අයව එකතු කරන්න (subsequent entrants) තිබුණු අවස්ථාවද සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර ඊට කිසිදු exemption එකක් හිමිවන්නේ නැහැ.
Family members ඇතුළත් කළ හැකි Exemptions:
- Doctoral (PhD) students ලාට
- Pacific සහ ASEAN රටවල ජාතිකයින්ට
- Fully-funded foreign government scholarship ලබන සිසුන්ට
- DFAT හෝ Defence sponsorship ලබන සිසුන්ට
Existing Families (දැනටමත් ඔස්ට්‍රේලියාවේ සිටින පවුල්)
2026 ඔක්තෝබර් 2 ට පෙර ඔබේ visa එකට පවුලේ අයව ඇතුළත් කර තිබුණා නම් සහ ඔබට onshore student visa එකක් සඳහා apply කිරීමට eligibility එකක් තිබෙනවා නම්, එම පවුලේ සාමාජිකයන්ව නව application එකටද ඇතුළත් කළ හැකියි.
- Changing Education Providers (අධ්‍යාපන ආයතන මාරු කිරීම)
ඔබ අධ්‍යාපන ආයතනය (education provider) මාරු කිරීමට සිතා සිටිනවා නම් ඒ සඳහාද නව නීති ගෙන ඒමට නියමිතයි. Student visa subclass එක යටතේ අලුතින් “Transfer stream” එකක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින අතර එහි විස්තර ඉදිරියේදී දැනගත හැකි.

- Temporary Graduate Visa (Subclass 485) පිළිබඳව
Temporary Graduate visa (485) අයදුම්කරුවන්ට තමන්ගේ පවුලේ සාමාජිකයන් ඇතුළත් කිරීම සීමා කිරීමටද ඉදිරියේදී නීති ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා . තවද, 2026 ජූලි 1 වෙනිදා සිට මෙම වීසා එක සඳහා application charge එක A$5,750 දක්වා ඉහළ නංවා ඇත (කෙසේ වෙතත් Pacific Island, Timor-Leste සහ ASEAN රටවලට මෙම ගාස්තු වැඩිවීම අදාළ නොවේ).
ඔබ මීළඟට කළ යුත්තේ කුමක්ද? (What you should do next)
නව වීසා එකකට හෝ පාඨමාලාවකට apply කිරීමට පෙර මෙම නීති ඔබට බලපානවාදැයි හොඳින් අධ්‍යනය කරන්න.
ඔස්ට්‍රේලියාව තුළ සිටියදීම (onshore) වීසා අලුත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, අලුත් requirements ඔබට ගැලපෙනවාදැයි පරීක්ෂා කරන්න.
පවුලේ සාමාජිකයන් සමඟ යාමට සිටියා නම්, නව restrictions ඔබේ සැලසුම්වලට කෙසේ බලපායිද යන්න තීරණය කරන්න.
Student visa එක සඳහා අවශ්‍ය මුදල් (financial capacity) සහ ඉංග්‍රීසි භාෂා සුදුසුකම් (English language evidence) පරීක්ෂා කිරීමට Department of Home Affairs හි Document Checklist Tool එක භාවිත කරන්න.
ඔබට වැඩිදුර උපදෙස් අවශ්‍ය නම් MARA (Office of the Migration Agents Registration Authority) ලියාපදිංචි Migration Agent කෙනෙකුගේ සහය ලබාගන්න.
මේ ගැන වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා පිවිසෙන්න.
https://www.studyaustralia.gov.au/en/tools-and-resources/news/student-visa-changes-october-2026