ඔස්ට්‍රේලියාවට පවුලේ අයව ගෙන්න හිතන් ඉන්නවද? Nov 13 අලුත් නීති ගැන අනිවාර්යයෙන්ම දැනගන්න.

ඔස්ට්‍රේලියාවේ 485 Temporary Graduate visa එකක් සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අයට වැදගත් වන නීති කිහිපයක් අලුත් වෙලා තියෙනවා. 2026 නොවැම්බර් 13 වැනිදා සිට ඔබේ පවුලේ සාමාජිකයන් (Family members) වීසා එකට ඇතුළත් කිරීමේ නීතිවල වෙනසක් සිදු කර තිබෙනවා.මේ පිළිබඳව පහත තොරතුරු කෙටියෙන් පහතින් දැක්වෙනවා.

වෙනස් වී නැත්තේ මොනවාද? (What hasn’t changed?)

Primary applicant (ප්‍රධාන අයදුම්කරුගේ) සුදුසුකම් මේ සඳහා වන මූලික සුදුසුකම්වල කිසිදු වෙනසක් සිදුවී නැහැ.
පරණ අයදුම්පත් ඔබ 2026 නොවැම්බර් 13 ට පෙර වීසා එක apply කරලා නම් ඔබේ application එක assess කරන්නේ ඔබ apply කළ දින තිබුණු පැරණි නීති (old rules) යටතේමයි.

ප්‍රධානම වෙනස්කම් 3 (Top 3 Major Changes)
1. පසුව වෙනම අයදුම් කළ නොහැක (No Subsequent Entrants)මින් ඉදිරියට ඔබේ පවුලේ අයට පසුව වෙනම apply කරන්න (as subsequent entrants) අවස්ථාවක් නැහැ. ඔවුන්ට වීසා ලබාගැනීමට අවශ්‍ය නම් ඔබ apply කරන වෙලාවෙදීම ඔවුන්වත් ඇතුළත් කළ යුතුයි (Must apply at the same time).

2. පරණ වීසා එකේ සිටීම අනිවාර්යයි (Must be on previous visa) සාමාන්‍ය තත්ත්වයන් යටතේ ඔබට අලුතින් පවුලේ අයව 485 visa එකට add කරන්න බැහැ. ඔවුන් අනිවාර්යයෙන්ම ඔබේ කලින් තිබුණු Student visa එකේ හෝ පළමු 485 visa එකේ dependent කෙනෙක් විදියට හිටපු කෙනෙක් වෙන්නම ඕනේ. (එනම්, ඔවුන් දැනටමත් අදාළ dependent visa එකක සිටිය යුතුයි, නැතහොත් 2026 ඔක්තෝබර් 2 දිනට හෝ පසුගිය මාස 6 ඇතුළත එවැනි වීසා එකක් hold කර තිබිය යුතුයි).

3. අයදුම් කරන විට සිටිය යුතු ස්ථානය (Location requirements)
Apply කරන මොහොතේ Primary applicant අනිවාර්යයෙන්ම Australia ඇතුළේ (Onshore) ඉන්න ඕනේ.
පවුලේ අයට (Family members) Australia ඇතුළේ හෝ පිටත (Offshore) ඉන්න පුළුවන්.
හැබැයි කොහේ හිටියත් හැමෝම එකම වෙලාවක (at the same time) apply කිරීම අනිවාර්යයි.

මේ නීතිවලින් නිදහස් වන විශේෂ අවස්ථා (Exemptions)
ඔබට අලුතින් පවුලේ අයව (new family members) ඇතුළත් කරන්න පුළුවන් වෙන්නේ ඔබ පහත සුදුසුකම් වලින් එකක් සපුරාලනවා නම් පමණයි.

ඔබ Pacific හෝ ASEAN ජාතිකයෙක් නම්.
ඔබ Student visa එකේ සිටියදී PhD degree එකක් සම්පූර්ණ කර තිබෙනවා නම්.
විදේශ රජයකින් (foreign government) සම්පූර්ණයෙන්ම fund කරපු course එකක් ඔබ සම්පූර්ණ කර ඇත්නම්.
මෙම කාණ්ඩවලට අයත් අයට තමන්ගේ පරණ වීසා එකේ නොහිටපු පවුලේ සාමාජිකයන්ව වුවද අලුතින් එකතු කරගන්න පුළුවන්.

අලුත උපන් දරුවන්ගේ තත්ත්වය (Rules for Newborn Children)
දරුවා ඉපදුනේ ඕස්ට්‍රේලියාවෙන් පිටත නම් (Outside Australia): දරුවාව ඔබේ 485 application එකට ඇතුළත් කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම ඔබ apply කරන වෙලාවෙදීම දරුවාටත් apply කරන්න ඕනේ (දරුවා කොහේ හිටියත්). වීසා එක grant උනාට පස්සේ දරුවාව අලුතින් add කරන්න බැහැ.

දරුවා ඉපදුනේ ඕස්ට්‍රේලියාව ඇතුළේ නම් (In Australia): ඔබ දැනටමත් 485 visa එකක් hold කරනවා නම්, දරුවාටත් automatic 485 visa එකක් ලැබෙනවා. වෙනම visa application එකක් දාන්න ඕනේ නැහැ නමුත් Department of Home Affairs එකට දරුවාගේ උපත ගැන අනිවාර්යයෙන්ම දැනුම් දෙන්න (notify කරන්න) ඕනේ.

සැලකිය යුතුයි: ImmiAccount හරහා අයදුම් කිරීමේදී (Important Warning)
ඔබේ පවුලේ සාමාජිකයා අලුත් නීතිවලට අනුව eligible නැති වුනත් සමහරවිට ImmiAccount system එකෙන් ඔවුන්ව add කරන්න ඔබට ඉඩ දෙන්න පුළුවන්.නමුත් මතක තබාගන්න System එකෙන් ඉඩ දුන්නා කියලා ඔවුන් eligible වෙන්නේ නැහැ. ඒ විදියට ineligible කෙනෙක්ව add කරලා apply කරොත් ඒක Invalid application එකක් වෙනවා. මේ නිසා ඔවුන්ගේ දැනට තියෙන visa status එකට ප්‍රශ්න වෙන්න පුළුවන් වගේම appeal කරන්න (merits reviewed) අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ.
ඒ නිසා apply කරන්න කලින් ඔබේ පවුලේ අය නව නීතිවලට අනුව අනිවාර්යයෙන්ම සුදුසුකම් ලබනවාද යන්න තහවුරු කරගන්න.

🔗 වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න: https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/changes-to-temporary-graduate-visa-subclass-485-family-member-rules

 

Don't forget to share this post!

Recent Posts