Victoria වල Car හොරකම් ඉහළට! වාහනේ බේරගන්න මේ ටික දැනගන්න

Australia වල ජීවත් වෙන අයට විශේෂයෙන්ම Victoria ප්‍රාන්තයේ ඉන්න අයට මේක තරමක් කණගාටුදායක පුවතක්. Allianz Insurance ආයතනය විසින් 2024 ජනවාරි සිට 2026 ඔක්තෝබර් දක්වා කාලය තුළ ලබාගත් දත්ත වලට අනුව, ඕස්ට්‍රේලියාවේ වාහන සොරකම් (Car thefts) ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේ අතින් Victoria ප්‍රාන්තය මුළු රටෙන්ම ප්‍රථම ස්ථානයට පත්වෙලා.

මෙම දත්ත හරහා හොරුන්ගේ ප්‍රියතම වාහන මොනවාද සහ වැඩිපුරම සොරකම් සිදුවන ප්‍රදේශ (Hotspots) මොනවාද යන්න පිළිබඳව අනාවරණය කර තිබෙනවා.

හොරුන්ගේ Target එක වෙලා තියෙන වාහන මොනවාද?
විශේෂයෙන්ම Utes සහ 4WDs තමයි මේ ලැයිස්තුවේ පෙරමුණේම ඉන්නේ.

Victoria සහ QLD: Toyota LandCruiser තමයි No. 1 ස්ථානයේ ඉන්නේ.

NSW: Toyota HiLux ලැයිස්තුවේ පෙරමුණේ සිටිනවා.

ඊට අමතරව Ford Ranger, Toyota Corolla, Holden Commodore, Nissan Patrol, Mazda BT-50 සහ Mitsubishi Triton යන වාහනත් වැඩිපුරම සොරකම් වලට ලක්වන මාදිලි (models) වෙනවා.

ඇයි මේ වාහනම හොරකම් කරන්නේ?
Allianz Australia හි ප්‍රධාන හිමිකම් නිලධාරී (Chief Claims Officer) Luke Whenman පවසන විදිහට මේ වාහනවල ජනප්‍රියත්වය මීට ප්‍රධානම හේතුවක්. ඒ වගේම වාහන වල තියෙන Security weaknesses, සංවිධානාත්මක අපරාධ (organized criminal activity) සහ මේ වාහන වල අමතර කොටස් වලට (spare parts) black market එකේ තියෙන ඉහළ ඉල්ලුමත් මීට බලපානවා. සමහර වාහන රටින් පිට කරන අතර (Exported overseas), අනිත් වාහන කෑලි වලට ගලවා විනාශ කර දමනවා.

Melbourne වල 24 හැවිරිදි Mahad Islam ගේ සිදුවීම මීට හොඳම උදාහරණයක්. ඔහු ඩොලර් 45,000ක් දීලා ගත්තු Toyota HiLux SR5 එක, සතියක් ඇතුළත Craigieburn වල තියෙන ඔහුගේ නිවස ඉදිරිපිටින්ම සොරකම් කර තිබුණා. පසුව එය Roxburgh Park වලින් හමුවෙද්දී parts ගලවා, දැඩි ලෙස damage කර තිබුණා.

වාහන සොරකම් වැඩිපුරම සිදුවෙන Hotspots
Melbourne හි South-east ප්‍රදේශය තමයි මේ අතින් භයානකම කලාපය බවට පත්වෙලා තියෙන්නේ. මුළු රටෙන්ම වැඩිපුරම වාහන සොරකම් වෙන Top 10 Suburbs මෙන්න:

  • VIC (3977): Cranbourne, Cranbourne North/East/West (මෙය මුළු රටෙන්ම No.1 Hotspot එකයි)
  • QLD (4350): Toowoomba
  • NT (0870): Alice Springs
  • VIC (3029): Hoppers Crossing, Tarneit, Truganina
  • VIC (3806): Berwick, Harkaway
  • VIC (3805): Narre Warren, Fountain Gate
  • QLD (4207): Beenleigh, Eagleby, Mount Warren Park
  • VIC (3064): Craigieburn, Roxburgh Park, Mickleham
  • NT (0820): Darwin
  • VIC (3006): Southbank

මුළු theft claims වලින් 82% ක්ම වාර්තා වෙන්නේ Victoria, Queensland සහ New South Wales වලින්. ඒ වගේම ජනවාරි මාසය තුළ වාහන සොරකම් වීමේ වැඩිම ප්‍රවණතාවයක් (Peak month) පෙන්වා තිබෙනවා.

ඔබේ වාහනය ආරක්ෂා කරගන්නේ කොහොමද?
මේ Car theft statistic එකක් නොවී ඉන්න නම්, හොරුන්ට වාහනයක් ගන්න තියෙන ඉඩකඩ හැකිතාක් අමාරු කරන එක තමයි හොඳම විසඳුම. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න:

හැමවිටම ආරක්ෂිත ස්ථානයක (Secure locations) වාහනය පාර්ක් කරන්න.

නිවසේ සිටින විට වාහනය Garage එකක ගාල් කරන්න.

වාහනය Lock කර යතුරු අනිවාර්යයෙන්ම ඔබ සතුව තබාගන්න.

ඔබේ වාහනයේ Security features නිසියාකාරව වැඩ කරනවාද සහ ඒවා on කරලා තියෙනවාදැයි නිතරම Check කරන්න.

Don't forget to share this post!

Recent Posts