ඔස්ට්‍රේලියාවේ නවතම නිල දත්ත වලට අනුව ඔක්තෝබර් මාසයෙන් අවසන් වූ වසර සඳහා වාර්ෂික උද්ධමන අනුපාතය (Inflation rate) අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා ඉහළ ගොස් 4.9% ක් ලෙස වාර්තා වුණා. Pre-COVID කාලයට සාපේක්ෂව මේ වන විට භාණ්ඩ හා සේවා මිල සාමාන්‍යයෙන් 28% කින් පමණ ඉහළ ගොස් ඇති අතර ජීවන වියදම දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව මෙම දත්ත මගින් යළිත් තහවුරු වෙනවා.

මෙම හදිසි උද්ධමන ඉහළ යාමට ප්‍රධාන කරුණු තුනක් බලපා තිබෙනවා. ඉන් ප්‍රධානතම හේතුව වී ඇත්තේ පසුගිය කාලයේ ඉන්ධන (Petrol) මිල ගණන් ඉහළ යාම, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු රජය විසින් ලබා දුන් තාවකාලික විදුලි බිල් සහන (Energy rebates) ඉවත් කිරීම සහ ඒ හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව විදුලි ගාස්තු 25% කින් ඉහළ යාමය. තවද ඔක්තෝබර් 1 වනදා සිට ක්‍රියාත්මක වූ Credit card surcharge තහනම. එම අමතර වියදම පියවා ගැනීම සඳහා ව්‍යාපාරිකයන් විසින් සෘජුවම භාණ්ඩ හා සේවා මිල (උදාහරණයක් ලෙස කෝපි කෝප්පයක මිල) ඉහළ දැමීම ද මෙයට බලපෑම් ඇති කළා.

සාමාන්‍යයෙන් උද්ධමනය මෙලෙස Reserve Bank (RBA) එකේ ඉලක්කගත 2% – 3% සීමාවට වඩා බොහෝ ඉහළින් පවතින විට එය පාලනය කිරීමට පොලී අනුපාත (Interest rates) ඉහළ දැමීම සිදු කරනවා. නමුත් මෙවර තවදුරටත් පොලී අනුපාත ඉහළ නොයනු ඇති බව ආර්ථික විශේෂඥයන්ගේ පොදු මතය වෙනවා. මේ වන විට ඉන්ධන මිල යම් තරමකට අඩු වී ඇති අතර විදුලි සහන ඉවත් කිරීම සහ Credit card ගාස්තු බලපෑම ද එක් වරක් පමණක් බලපාන සාධක වෙනවා.
මෙම තත්ත්වය තුළ නිවාස ණය හිමියන්ට (Home borrowers) ඇති සුබ ආරංචිය වන්නේ නව උද්ධමන දත්ත මත පදනම්ව Reserve Bank එක බොහෝ විශේෂඥයන් අනාවැකි පළ කරන්නේ පොලී අනුපාතවල මීළඟ පියවර ඉහළ යාමක් නොව ලබන වසරේ දෙවන භාගයේදී පමණ පහළ දැමීමක් වනු ඇති බවයි.