ගෙවල් මිල බහින ඔස්ට්‍රේලියාවේ නගර මොනවද? 2027 Property Market එකේ අලුත්ම තත්ත්වය!

ඕස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න බලාගෙන ඉන්න අයට වගේම property market එක ගැන අවධානයෙන් ඉන්න හැමෝටම වැදගත් වෙන අලුත්ම report එකක් REA ආයතනයෙන් නිකුත් කරලා තියෙනවා. 2026 පෙබරවාරි මාසයේ තිබුණු peak එකත් එක්ක බලද්දී 2027 වෙද්දී ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල ගෙවල් මිල 10% කින් විතර පහළ යන්න පුළුවන් කියලයි මේ report එකේ කියන්නේ. හැබැයි 2027 මැද හරිය වෙද්දී මේ මිල පහළ යාම නතර වෙයි කියලත් ඔවුන් පුරෝකථනය කරනවා.

මේ වෙනස හැම නගරයකටම එකම විදිහට බලපාන්නේ නැහැ. Sydney සහ Melbourne වල මිල පහළ යාම කලින්ම පටන් ගත්ත නිසා, 2027 පළවෙනි භාගය වෙද්දී ඒ market දෙක ස්ථාවර (stabilise) වෙන්න ඉඩ තියෙනවා. 2027 අවුරුද්ද පුරාම බැලුවොත් Sydney මිල 1% කින් අඩු වෙද්දී, Melbourne 1% කින් සහ Hobart 1.5% කින් වගේ පොඩි වර්ධනයක් පෙන්නන්න පුළුවන්. හැබැයි පහුගිය කාලේ ගෙවල් මිල ගොඩක් ඉහළ ගිය Brisbane, Adelaide සහ Perth නගරවලට මේ downturn එක ආවේ ටිකක් පරක්කු වෙලා. මිල වැඩි නිසා buyer demand එක අඩු වෙලා තියෙන හින්දා 2027 ඇතුළත මේ නගරවල ගෙවල් මිල 4% කින් විතර පහළ යන්න පුළුවන්.

පොලී අනුපාත 4.85% මට්ටමේ නතර වෙලා 2027 පුරාම ඒ විදිහටම තියෙයි කියලා හිතලයි මේ report එක හදලා තියෙන්නේ. ඒත් පහුගිය ඔක්තෝබර් මාසේ inflation එක 4.3% ඉඳන් 4.9% දක්වා හිතුවේ නැති විදිහට වැඩි වුණු නිසා දෙසැම්බර් 8 වෙනිදා තියෙන RBA රැස්වීම ගැන දැන් හැමෝම අවධානයෙන් ඉන්නවා. කොහොම වුණත් 2026 දී interest rates වැඩි වුණු එකත් එක්ක මිනිස්සුන්ගේ borrowing capacity එක අඩු වෙලා තියෙන නිසා 2027 මුල් කාලෙත් market එකට ඒ පීඩනය දැනෙන්න පුළුවන් වෙනවා.

 

Don't forget to share this post!

Recent Posts