ඕස්ට්‍රේලියානු රජය විසින් එරට ප්රමුඛ පෙළේ health සහ medical researchers ලාට සහාය දැක්වීම සඳහා ඩොලර් මිලියන 225කට ආසන්න වටිනාකමකින් යුත් grants 82ක් පිරිනැමීමට පියවර ගෙන තිබෙනවා. Medical Research Future Fund හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ඕස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා නව treatments, therapies සහ clinical practice වෙත යොමු කළ හැකි පර්යේෂණ සඳහා අවස්ථාව හිමිවෙනවා.

මෙම ව්‍යාපෘති අතරින් Murdoch Children’s Research Institute විසින් සිදුකරන පර්යේෂණය විශේෂ අවධානයක් දිනාගෙන තිබෙනවා. Bone marrow transplants වලට භාජනය වන දරුවන්ගේ ප්‍රතිකාර කාලය තුළ සහ ඉන් පසුව ඔවුන්ව වඩාත් හොඳින් රැකබලා ගන්නේ කෙසේද යන්න මෙහිදී සොයා බැලෙනවා. විශේෂයෙන්ම exercise, nutrition සහ gut health මගින් දරුවන්ගේ recovery ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ නව ප්‍රතිකාර ක්‍රම හඳුනා ගැනීමට researchers ලා මෙහිදී අවධානය යොමු කරනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය Mark Butler ප්‍රකාශ කළේ ලෝකයේ හොඳම medical researchers ලා පිරිසක් ඕස්ට්‍රේලියාව සතුව සිටින බවත්, ඔවුන්ගේ නව්‍ය පර්යේෂණ හරහා ජනතාවට වඩාත් යහපත් හා සාධාරණ සෞඛ්‍ය සේවාවක් ලබා දීමට Albanese රජය කැපවී සිටින බවත්ය. එමෙන්ම Murdoch Children’s Research Institute හි මහාචාර්ය Rachel Conyers පෙන්වා දෙන්නේ bone marrow transplant එකකින් මාස 3ක් ඇතුළත තවමත් දරුවන්ගෙන් 6%–8%ක් පමණ මිය යන පසුබිමක ලොව ප්‍රථම වරට හඳුන්වා දෙන ඔවුන්ගේ adaptive platform එක හරහා ප්‍රතිකාර කිහිපයක් එකවර පරීක්ෂා කර සාර්ථක therapies ඉක්මනින් හඳුනා ගත හැකි බවයි. මෙම නව funding යටතේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, නෙදර්ලන්තය සහ කැනඩාව යන රටවල පර්යේෂණ මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිත අතර එය ලොව පුරා සිටින දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රතිඵල වෙනස් කිරීමට විශාල පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.