ඓතිහාසික Dome Promenade රාජකීය ගොඩනැගිල්ලට සංචාරයක්

  • Home
  • /
  • Entertainment
  • /
  • ඓතිහාසික Dome Promenade රාජකීය ගොඩනැගිල්ලට සංචාරයක්

Dome Promenade රාජකීය ප්‍රදර්ශන ගොඩනැගිල්ල ඓතිහාසික ගොඩනැගිල්ලක් වේ.මෙම රාජකීය ප්‍රදර්ශන ගොඩනැගිල්ල ක්‍රි.ව.1880 මෙල්බර්න් ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ඉදිකරන ලදී.ක්‍රි.ව.1880 සහ 1888 ජාත්‍යන්තර ප්‍රදර්ශනවල ප්‍රධාන ආකර්ෂණීය ස්ථානයක් ලෙස Dome Promenade නැරඹීමට සුවිශේෂී අවස්ථාවක් ලබා දුන්නේය.

මෙහිදී ගොඩනැගිල්ල තුළ ඇති මනස්කාන්ත දර්ශනවලින් නරඹන්නන් මවිතයට පත් කිරීමට මෙන්ම ගොඩනැගිල්ලේ වැදගත් ඉතිහාසය ගවේෂණය කිරීමට හැකි මෙම ප්‍රදර්ශනය තුලින් නරඹන්නන් හට ඉතා වටිනා අවස්ථාවක් හිමිවේ. 

දිනකට හතර වතාවක් සංචාරය කිරීමට අවස්ථාව ලබා දී ඇත.කලින් දිනය,වේලාව වෙන් කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙහි ප්‍රවේශපත්‍ර මිල ($15 සිට $29) දක්වා වේ.මේ සදහා මෙල්බර්න් කෞතුකාගාරයට ඇතුළුවීමද ඇතුළත් වේ.

මේ ස්ථානය පිළිබද වැඩිදුර තොරතුරු ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ලබාගත හැක.

 

Location

Royal Exhibition Building

9 Nicholson St

Carlton 3053

Don't forget to share this post!

Recent Posts

stack-chocolated-covered-with-chocolate-syrup
July 5, 2025