පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර බවට නාසා තහවුරු කරයි.

  • Home
  • /
  • News
  • /
  • පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර බවට නාසා තහවුරු කරයි.

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති බව නාසා ආයතනය සොයාගෙන ඇත.ඒ වසර ගණනාවක සිට ගුරුත්වාකර්ෂණයේ වෙනස්වීම සම්බන්ධයෙන් නාසා ආයතනය සිදුකළ විමර්ශන ගණනාවකින් අනතුරුවය. 

නාසා ආයතනය මගින් ග්‍රේස් මෙහෙයුම හෙවත් ගුරුත්වාකර්ෂණය හා පෘථිවියේ දේශගුණික වෙනස්වීම් සම්බන්ධයෙන් සිදුකරනු ලබන මෙහෙයුම් මාලාව ආරම්භ වන්නේ දැනට වසර ගණනාවකට පෙරය.එම ග්‍රේස් මෙහෙයුමේ සොයා ගැනීම්වලට අනුව පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර බවට අනාවරණ වී තිබේ.මෙම අනාවරණ කරගැනීමට පදනම් වී ඇත්තේ ලෝකයේ විවිධ ස්ථානවල පවතින ජල ඝනත්වයන් පිළිබඳව ලබාගත් චන්ද්‍රිකා දත්තයන් බව නාසා ආයතනය පවසයි.

ගුරුත්වාකර්ෂණයේ මෙම අඩුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙකුගේ බර අඩුවෙන් දැනෙන බවත් එම අඩුවීම ග්‍රෑම් 3ත් 6ත් අතර ප්‍රමාණයක් විය හැකි බව නාසා ආයතනය පෙන්වා දෙයි.මෙලෙස ගුරුත්වාකර්ෂණයේ අඩුවීමට හේතුව වී ඇත්තේ පෘථිවි කබොලේ ඝනත්ත්වය හා ලාවා ඝනත්වයේ වෙනසය.

ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරට අමතරව ඉන්දියන් සාගරයේ මාලදිවයිනට නැගෙනහිර කලාපයේ සහ උතුරු කැනඩාවේ හඩ්සන් කළපුව ආසන්නයේ ද ඉතා අඩු ගුරුත්වාකර්ෂණයක් දක්නට ලැබෙන බවත් බොලීවියාවේ හා උතුරු ඇන්ඩීන් කඳුකරයේ ද ගුරුත්වාකර්ෂණයේ ඉහළ අගයක් දක්නට ලැබෙන බවත් නාසා ආයතනය නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

Don't forget to share this post!

Recent Posts

Sri-Lankan-2 (1)
October 16, 2024