දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලෝක කුසලාන අවසන් සටනට සුදුසුකම් ලබයි.

  • Home
  • /
  • Sports
  • /
  • දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලෝක කුසලාන අවසන් සටනට සුදුසුකම් ලබයි.

ප්‍රබල ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුලු 8කින් පරාජය කර මෙවර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඊයේ (17) රාත්‍රියේ සමත් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙසින් මෙය ඩුබායිහිදී පැවැත්විණි.පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 134ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකාව පන්දුවාර 17.2කදී කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් විය.කාන්තා ක්‍රිකට් පිටියේ පෙරළිකාරම කණ්ඩායම වන ඕස්ට්‍රේලියාව විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියකදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූ පළමු අවස්ථාව මෙයයි.

දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව 2009 වසරේ සිට එකිනෙකා සමගින් තරග වදින අතර ඉන් ඊයේ (17) තරගයට පෙර අවස්ථා 10කදී එකිනෙකා සමගින් තරගවැදී තිබුණි.ඉන් තරග 9කම ජය ඕස්ට්‍රේලියාව ජය ගනිද්දී දකුණු අප්‍රිකාව ජයගෙන තිබුණේ එක් තරගයක් පමණි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව මෙවර කාන්තා ලෝක කුසලානයෙන් ඉවතට විසිවීම නිසා වසර 14කට පසු ඕස්ට්‍රේලියාව නොමැතිව ක්‍රීඩාකරන පළමු විස්සයි 20 කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගය ලෙසය.විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ මේ දක්වා පැවති තරගාවලි 8න් ඉන් අවස්ථා 6කදීම ලෝක ශූරතාව දිනාගෙන සිටියේ ඔස්ට්‍රේලියාවයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම විස්සයි 20 කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, ඔවුන් ඉකුත් 2023 වසරේ සිය සත්කාරකත්වය යටතේ පැවති තරගාවලියේ ද අනුශූරතාව දිනාගැනීමට සමත් විය.

Don't forget to share this post!

Recent Posts

Monkeypox1724151200
October 18, 2024