ඇත්තටම සඳුදා වැටෙන්නේ සිකුරාදාට ද?

  • Home
  • /
  • Events
  • /
  • ඇත්තටම සඳුදා වැටෙන්නේ සිකුරාදාට ද?

ඇත්තටම සඳුදා වැටෙන්නේ සිකුරාදාට ද?

කුතුහලය හාස්‍ය පිරුණු වේදිකා නාට්‍යයක් රස විඳින්න අවස්ථාවක් මෙන්න ඔබටත් උදා වෙලා තියනවා. සම්මානිත නාට්‍යයක් වන “සදුඳා වැටෙන්නෙ සිකුරාදාට” වේදිකා නාට්‍යය ළඟදීම Melbourne වලට සහ Adelaide වලට එන්න සූදානම්.  

ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය කලාවේ ඉහළම ඇගයීමක් විදිහට සලකන රාජ්‍ය නාට්‍ය උළලේ 2022-23 වසරේ හොඳම වේදිකා නාට්‍ය සඳහා හිමි සම්මානය දිනා ගන්නේ “සදුඳා වැටෙන්නෙ සිකුරාදාට” වේදිකා නාට්‍යය. ඒ වගේම රාජ්‍ය නාට්‍ය උළලේ දී හොඳම නිෂ්පාදනය, හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම රචනය, හොඳම සහය නළුවා, හොඳම සහය නිළිය ඇතුළු සම්මාන රාශියක්ම මේ නාට්‍යය දින ගත්තා. මේක චාලක රණසූරිය අධ්‍යක්ෂණයෙන් සහ රචනයෙන්, දිලූපා නිරෝෂිනී ද අල්විස් නිෂ්පාදනයෙන් සහ සරත් කරුණාරත්න, සුලෝචනා වීරසිංහ ඇතුළු දක්ෂ රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ගේම රංගනයෙන් හැඩ වෙලා තියනවා. 

“සදුඳා වැටෙන්නෙ සිකුරාදාට” කියන්නේ හාස්‍ය කුතුහලය පිරුණු කතාවක්. හාස්‍යයටත් වඩා මේක ඛේදාන්ත ප්‍රහසනයක් විදිහටයි නාට්‍යය අධ්‍යක්ෂණය කල චාලක රණසූරිය මේ නාට්‍යය හඳුන්වන්නේ. නමේ තියන අවුල් සහගත බව නාට්‍ය පුරාම ඔබට දැකගන්න පුළුවන් වෙයි. මේ පටලැවිල්ල ටික ටික ලිහල ඇත්තටම සඳුදා වැටෙන්නේ සිකුරාදට ද කියල දැනගන්න අනිවාර්යයෙන් ඇවිත් මේක බලන්න.

Isabella Wilson Productions අනුග්‍රාහකත්වයෙන් අගෝස්තු 31 වන දා Rowville Performing Arts Centre එකේදී Melbourne ඉන්න ඔයාට මේ නාට්‍යය බලන්න පුළුවන්. 

ඒ වගේම Adelaide ඉන්න ඔබ වෙනුවෙන් Winners Entertainment සැප්තැම්බර් 6 වෙනිදා මේ නාට්‍ය Regal Theatre එකට අරගෙන එනවා.

 

Melbourne

Sunday 31 August 2025 3:00 PM – 5:30 PM

Sunday 31 August 2025 6:00 PM – 8:30 PM

Rowville Performing Arts Centre

Humphreys Way, Rowville VIC 3178

Tickets: https://www.trybooking.com/events/landing/1380644 

 

Adelaide

Saturday 6 September 2025 – 6:30 PM – 9:00 PM

Regal Theatre

275 Kensington Road, Kensington Park SA 5068

Tickets: https://auslankatickets.com/onlineticket.php?eventid=1427344 

Don't forget to share this post!

Recent Posts

16937252_Michael-Madsen-clean-AP-TN-img
July 4, 2025