කේන් විලියම්සන්ට ඔක්තෝම්බර් 24 වෙනිදා පූනේ හිදී ආරම්භ වන ඉන්දියාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරඟය අහිමි වනු ඇති අතර තවදුරටත් ඔහුට සුවය බලාපොරොත්තුවෙන් විවේකය ගත කිරීමට සිදුව ඇත.පසුගිය මාසයේ ශ්‍රී ලංකා සංචාරයේදී ආබාධයකට ලක්වීමෙන් පසු ඔහු සංචිතය සමඟ ඉන්දියාවට නොපැමිණි අතර ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා ඔහු තවදුරටත් නිවසේ රැඳී සිටී.
විලියම්සන් නොමැති විට, විල් යන්ග් විසින් බැංගලෝර් හි පැවති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවට පහර දෙමින් ලකුණු 33ක් සහ නොදැවී ලකුණු 48ක් රැස් කළේය. නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් මේ පිළිබදව අදහස් දක්වමින් ඔවුන් කේන් දෙස බලා සිටින බවත්,කේන් සුව වෙමින් පවතින බවත් නමුත් තවමත් කේන් 100%ක් සුව වී නොමැති නිසා ක්‍රීඩා කිරීමට අපහසු බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
තෙවැනි ටෙස්ට් තරගයට නියමිත දිනයන් එළඹෙන විට විලියම්සන් හට සුවය ලැබෙනු ඇතැයි ඔහු බලාපොරොත්තුවන අතර නමුත්, ඔහුගේ නැවත පැමිණීම සඳහා ප්‍රවේශම් සහගත වූ ප්‍රවේශයක් අවශ්‍ය බවද අවධාරණය කළේය.
මේ වන විට පළමු ටෙස්ට් තරගය කඩුලු 8කින් ජයගත් නවසීලන්තය ටෙස්ට් තුනකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටී.