වසර 25 කට පසු පළමු පාගමන සනිටුහන් කරමින් වික්ටෝරියා පොලිස් නිලධාරීන් වඩා හොද වැටුප් හා සේවා කොන්දේසි ඉල්ලා ක්රියාමාර්ග ගැනීමට සූදානම් වේ.
ප්රමාණවත් වැටුප් දීමනා ලබානොදෙන බවට විරෝධය පළ කරමින් වික්ටෝරියා පොලිස් සංගමය නිවේදනය කර ඇත්තේ පොලිස් ඇකඩමිය ඇතුළු ස්ථාන කිහිපයක නිලධාරීන් විනාඩි 30 කට වැඩ නතර කරන බවයි.
පුරප්පාඩු 1,000 කට වඩා වැඩි ප්රමාණයක් සහ වැඩ පීඩනය වැඩි වීමත් සමඟ නිලධාරීන් තර්ක කරන්නේ ඔවුන් කරන වැඩ ප්රමාණය වැඩි වුවත් අඩු වැටුප් ගෙවන බවයි.
පොලිස් සංගමයේ ලේකම් වන Wayne Gatt පැවසුවේ වඩා හොඳ වන්දියක් සඳහා වන ඉල්ලීම් ඉටු කර ගැනීම සදහා පීඩනයට ලක්ව සිටින පොලිස් නිලධාරීන් විසින් ප්රාන්ත රජයට පණිවිඩයක් යැවීම මෙම ක්රියාවෙහි අරමුණ බවයි.