එක්දින පිටියේ හොඳම පන්දු යවන්නන් 10 අතරට තීක්ෂණ

  • Home
  • /
  • Sports
  • /
  • එක්දින පිටියේ හොඳම පන්දු යවන්නන් 10 අතරට තීක්ෂණ

ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටියේ නව­තම ශ්‍රේණි­ගත කිරීම් ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය විසින් නිකුත් කර ඇත.මෙහිදී එක්දින පන්දු යව­න්නන් අතර මුල් 10 දෙනා අත­රට එක්වී­මට ශ්‍රී ලංකා දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ සම­ත්වීම කැපී පෙනේ. සංචා­රක නව­සී­ලන්ත පිලට එරෙ­හිව පැවති තර­ගා­ව­ලි­යේදී ලකුණු 78කට කඩුලු 5ක් බිඳ දම­මින් දැක්වූ දස්කම් මත තීක්ෂණ ස්ථාන 6ක් ඉදි­රි­යට එමින් 6 වැනි තැනට පත්ව සිටියි. සිය හොඳම ශ්‍රේණි­ගත කිරීම හිමි­කර ගත් ඔහු ශ්‍රේණි­ගත ලකුණු 650ක් ලබා ඇත.

ආබා­ධ­යක් හේතු­වෙන් එක්දින තර­ගා­ව­ලි­යට එක් නොවූ වනිඳු හස­රංග (20) ස්ථාන 2ක් පහත බැස ඇති අතර, ජෙෆ්රි වැන්ඩර්සේ ස්ථාන 27ක් ඉදි­රි­යට පැමි­ණෙ­මින් 72 තැන රැඳී සිටියි. කෙසේ වෙතත් ඩිල්ෂාන් මධු­ෂංක (49) ස්ථාන 9කින් සහ දුනිත් වෙල්ලා­ලගේ (52) ස්ථාන 7කින් පහත බැස ඇත.

මේ අතර එක්දින තර­ගා­ව­ලියේ වීරයා වූ කුසල් මෙන්ඩිස් ස්ථාන 9ක් ඉදි­රි­යට යමින් 26 වැනි තැන අත්ක­ර­ගෙන තිබේ. අවිශ්ක ප්‍රනාන්දු (62) ස්ථාන 5ක් ඉදි­රි­යට පැමිණ තිබේ. පැතුම් නිශ්ශංක (8) එක් ස්ථාන­ය­කින්, නායක චරිත් අස­ලංක (11) සහ ජනිත් ලිය­නගේ (66) ස්ථාන 2ක් බැගින් සහ සදීර සම­ර­වි­ක්‍රම (49) ස්ථාන 7කින් පහත වැටී තිබේ.

තීක්ෂණ සහ අස­ලංක තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යන් අතරේ ස්ථාන 11ක් බැගින් ඉදි­රි­යට පැමිණ තිබීම කැපී පෙනේ. මේ වන­විට තීක්ෂණ 25 සහ අස­ලංක 26 වැනි ස්ථානයේ සිටිති. වනිඳු හස­රංග ස්ථාන 4ක් පහත බැස 14 වැනි තැන හිමි කර ගෙන ඇත.

කුසල් මෙන්ඩිස් විස්සයි20 පිති­ක­රු­වන් ශ්‍රේණි­ගත කිරී­ම්ව­ලින් ඉහළ ගොස් ඇති අතර, පිය­වර 3ක් ඉදි­රි­යට ගිය ඔහු 12 වැනි තැනට පත්ව ඇත. මුල් පිති­ක­රු­වන් 10 අතරේ සිටි පැතුම් නිශ්ශංක (9) ස්ථාන­ය­කින් පහ­තට වැටී ඇති අතර, ඉන්දීය පිලේ තිලක් වර්මා (3) ස්ථාන 69ක් ඉදි­රි­යට යෑම කැපී පෙනෙන සිදු­වී­මකි.

පන්දු යව­න්නන් අතරේ තීක්ෂණ (5) ස්ථාන­ය­කින් පහත බසිද්දී වනිඳු දෙවැනි තැනම රැඳී සිටින අතර, තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යන් අතරේ එක් ස්ථාන­යක් ඉදි­රි­යට ගොස් තිබේ. වනිඳු මේ වන­විට ඔස්ට්‍රේ­ලි­යාවේ මාකස් ස්ටොයි­නිස් සමඟ සමව සිවු­වැනි තැනට හිමි­කම් කියයි. තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යන් අතරේ ඉන්දි­යාවේ හර්දික් පාණ්ඩ්‍යා ස්ථාන 2ක් ඉදි­රි­යට යමින් පළමු තැනට පත්වීම විශේ­ෂ­ත්ව­යකි.

Don't forget to share this post!

Recent Posts

c20dee23bfce0aabe2437bb1f8184b47
November 21, 2024