අයහපත් වූ ශ්‍රී ලංකාවේ කාලගුණය

  • Home
  • /
  • News
  • /
  • අයහපත් වූ ශ්‍රී ලංකාවේ කාලගුණය

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද (27) දිනයේ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ගැඹුරු පීඩන අවපාතය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් ද නිකුත් කර තිබේ.පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් 73හි මුළු ජල ධාරිතාව 65%ක් දක්වා වැඩි වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.පීඩන අවපාතය ඊයේ (26) පෙරවරු 11.00 පමණ වන විට මඩකලපුවේ සිට කිලෝමීටර 170ක් සහ ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 240ක් පමණ දුරින් ගිනිකොණ දිගින් පිහිටා තිබිණි.ශ්‍රී ලංකාවට වූ බලපෑම මෙම 29 දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බව ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එමෙන්ම ගංගා ද්‍රෝණි ගණනාවකට අයත් පහත්බිම් ප්‍රදේශ ගංවතුර තර්ජනයකට ලක්වී තිබෙන බවත් එය තවදුරටත් වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මෙම පීඩන අවපාතය ශ්‍රී ලංකාවේ නැඟෙනහිර වෙරළට ඉතා ආසන්නව ගමන් කරණු ඇතැයි බලාපොරොත්තු වේ. ඉන්පසුව මෙය මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයට ගමන් කරණු ඇතැයි බලාපොරොත්තු වන අතර මේ නිසා ශ්‍රී ලංකාව පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැඟෙනහිර, මධ්‍යම, ඌව, දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි සමගින් තද සුළං ද ඇති විය හැකිය. මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින අතර නැවත දැනුම් දෙනතුරු ශ්‍රී ලංකාව වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මහවැලි ගං ද්‍රෝණියේ දිඹුලාගල, එච්චලම්පට්ටෙයි, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, කෝරලෙයිපත්තු උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, තම්පලක්කමම්, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොටිඨාස සඳහා ද හැඩ ඔය ද්‍රෝණියේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව සහ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් හැඩඔය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට ද මුන්දෙනි ආරු ද්‍රෝණියේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු, කෝරලෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද දැදුරු ඔය ද්‍රෝණියේ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව, රස්නායකපුර ප්‍රාදේහීය ලේකම් කොට්ඨාසයන්හි නිම්නයන්හි ඇති විය හැකි ගංවතුර තත්ත්වයන් පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැව්, ජලාශ ගණනාවක් වාන් දමමින් පවතින අතර බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පනස් අටක් සඳහා නාය යෑම් පිළිබඳ අවධානය යොමු කිරීමේ දෙවැනි අදියරේ සහ විමසිලිමත් වීමේ පළමු අදියරේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබේ.ඊයේ (26) පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 තුල වැඩිම වර්ෂාපතනය මි.මි. 311.1 ලෙස අම්පාර ප්‍රදේශයෙන් වාර්තා විය.

Don't forget to share this post!

Recent Posts

Screenshot 2024-12-24 at 15.16.12
December 24, 2024