පාකිස්තාන තුන්ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි.35 හැවිරිදි ඉමාඩ් වසීම් පසුගිය වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් නමුත් පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් අවස්ථා තුනකදී තරගයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් විය.ඒ දක්ෂතා හේතුවෙන් ඉමාඩ් වසීම් නැවතත් විස්සයි විස්ස තරග බිමිට පිවිසි අතර ඔහු විස්සයි විස්ස ලෝක කුසලානයට ද ක්‍රීඩා කළේය.ඉමාඩ් වසීම් එක්දින තරග 55ක් සහ විස්සයි විස්ස තරග 75ක් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර ඇත.ඔහු පාකිස්තානය වෙනුවෙන් දවාගෙන ඇති මුළු කඩුලු සංඛ්‍යාව 117කි.ඉමාඩ් වසීම් විසින් මාධ්‍යයට සඳහන් කළේ දෙවන වරටත් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවය.නමුත් ඉමාඩ් වසීම් තවදුරටත් දේශිය තරග සහ ලීග් තරග ක්‍රීඩා කරන බවත් සඳහන් වේ.