වාහන ආනයන සීමා අදියර වශයෙන් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා රජය පසුගිය දා තීරණය කිරීමත් සමග ටොයෝටා ලංකා සමාගම විසින් සිය පළමු වාහන ප්‍රමාණය ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කර ඇත.සංචාරක කර්මාන්තය සඳහා යොදාගැනෙන රථවාහන මෙලෙස ආනයනය කර ඇත.ආර්ථික අර්බුදකාරී වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත පහළ යාමත් සමග වාහන ආනයනයට සීමා පැනවීමට ඉකුත් රජය පියවර ගත්තේය.කෙසේ නමුත් ක්‍රමිකව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ යාමත්, විදේශ විනිමය සංචිත යළි ඉහළ යාමත් හමුවේ ආනයන සීමා ලිහිල් කරමින් අදියර කිහිපයක් යටතේ නැවත වාහන ආනයනයට රජය තීරණය කළේය.ඒ අනුව සංචාරක කර්මාන්තයට යොදාගැනෙන වාහන ආනයනය කිරීමට පළමුවෙන්ම අවසර හිමි වූ අතර ඉන්පසුව ටොයෝටා ලංකා සමාගම සිය පළමු වාහන තොගය ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ.