චීනයේ පැතිරෙන වසංගත තත්ත්වය ගැන නිවේදනයක්

  • Home
  • /
  • News
  • /
  • චීනයේ පැතිරෙන වසංගත තත්ත්වය ගැන නිවේදනයක්

ගෝලීය අවධානය නැවත වතාවක් චීනය දෙසට හරවමින් කොවිඩ් වෛරසයේ රෝග ලක්ෂණවලට සමාන බවක් පෙන්නුම් කළ චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින උණ හා සෙම්ප්‍රතිශ්‍යාව සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය සීත සෘතුවේ පැතිරෙන ශ්වසන රෝගයක් බවට හදුනාගෙන ඇත.

 

ඒ පිළිබදව තහවුරු කරමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං නිවේදනයක් නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

 

චීන පුරවැසියන්ගේ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ චීන රජය චීන පුරවැසියන්ගේ සහ විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැඩි සැලකිල්ලෙන් යුතුව පසුවන බවය.

 

කොවිඩ් වසංගතයෙන් දැඩි බලපෑම් එල්ල වූ ඉන්දියාවේ සෞඛ්‍ය බලධාරීන් ද චීනයේ ව්‍යාප්ත වන ශ්වසන රෝග තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් යුතුව සිටින බවට පවසා ඇත.

 

නමුත් පැතිරෙන රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් සීත සෘතුවේදී ව්‍යාප්ත වන රෝගී තත්ත්වයක් බැවින් නොසන්සුන්වීමට හේතුවක් නැති බවත් ඉන්දියාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අතුල් ගෝල් ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය ද වාර්තා කර ඇත.

Don't forget to share this post!

Recent Posts

Prague-shooting
February 5, 2025