උතුරු එංගලන්තයේ ළමා උද්‍යානයක බෝම්බ 176ක්

  • Home
  • /
  • News
  • /
  • උතුරු එංගලන්තයේ ළමා උද්‍යානයක බෝම්බ 176ක්

දෙවැනි ලෝක මහා යුද සමයට අයත් බෝම්බ 176ක් උතුරු එංගලන්තයේ ළමා උද්‍යානයක වළලා තිබී සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම බෝම්බ තොගය හමුවී ඇත්තේ උතුරු එංගලන්තයේ වූලර් ප්‍රදේශයේ පිහිටි එම ළමා උද්‍යානයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටි සේවකයන් පිරිසකට වන අතර, එම බෝම්බ සක්‍රිය මට්ටමේ පැවැති බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.මෙම බෝම්බ තොගය සොයා ගැනීමෙන් පසු ළමා උද්‍යානය තාවකාලිකව වසා දැමීමට නගර බලධාරීන් පියවර ගෙන ඇතැයි ද, විමර්ශන කණ්ඩායම් උද්‍යානය තුළ වළලා ඇති බෝම්බ ගොඩගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

Saduda
July 4, 2025