ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීන් අනතුරක් – 06 දෙනෙක් මරුට

  • Home
  • /
  • News
  • /
  • ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීන් අනතුරක් – 06 දෙනෙක් මරුට

ඊජිප්තු රතු මුහුදේ සංචාරකයන් රැගත් සබ්මැරීනයක් අනතුරකට ලක්වී ඇතැයි වාර්තා වේ. 

මෙම අනතුරෙන් පුද්ගලයන් 06දෙනෙක් මියගොස් ඇති අතර එහි සිටි පුද්ගලයන් 44දෙනෙක් බේරා ගෙන ඇති අතර මිය ගිය සියලුදෙනා රුසියානු ජාතිකයන් බවද සඳහන් වේ. 

අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩලය හා සංචාරකයන් 50 දෙනෙක් සබ්මැරීනය තුළ සිට ඇති බවයි වාර්තා වෙයි.

මෙම අනතුර ඊජිප්තුවේ හර්ගාඩා වෙරළට කිලෝමීටරයක් ​​පමණ ඔබ්බෙන් වූ මුහුදේදී සිදු වී තිබේ.  

Don't forget to share this post!

Recent Posts

Saduda
July 4, 2025