පසුගිය අප්‍රේල් 25 වන දින, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම් (EFF) වැඩසටහනට අදාළ සිව්වන සමාලෝචනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා IMF කාර්යමණ්ඩලය අතර එකඟතාවයකට පැමිණියි.
IMF සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසා ඇතිපරිදි, එම එකඟතාවය දැක්වීමත් සමඟ IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලබන විශේෂිත මට්ටමක් බලාපොරොත්තු විය හැකි බවත්, එය ශ්‍රී ලංකාව IMF එකඟතා සම්පූර්ණ කළහොත් පමණක් සිදු විය හැකි බවත් පැවසීය.
ඇය මේ බව විස්තර කළේ IMF හි සතිපතා පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදීය.
මෙහිදී ඇය අවධාරණය කළේ, ශ්‍රී ලංකා රජය තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු ප්‍රධාන කරුණු 2ක් ඇති බවය:
-
පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම
-
ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණය (automatic tariff adjustment mechanism) නිසි ලෙස ක්‍රියාත්මක වීම සහතික කිරීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, මෙම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාව IMF විධායක මණ්ඩලයේ අනුමැතියට සුදුසුකම් ලබාගත හැකි බවය.