විහිලුවක් නිසා ජපාන ඇමතිවරයෙක්ට වෙච්ච දේ

  • Home
  • /
  • News
  • /
  • විහිලුවක් නිසා ජපාන ඇමතිවරයෙක්ට වෙච්ච දේ

ජපානය දශක ගණනාවක් පුරා දැක නොමැති ජීවන වියදම් අර්බුදයකට මුහුණ දී සිටින අතර, මෙරට ප්‍රධාන ආහාර වර්ගයක් වන සහල් මිල පසුගිය වසර තුළ දැඩියෙන් ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පසුබිම මත, ජපාන කෘෂිකර්ම ඇමති ටකු එකෝ, මාධ්‍ය හමුවකදී “තම ආධාරකරුවන් ත්‍යාග වශයෙන් ඕනෑ තරම් ලබාදෙන නිසා මිලදී ගැනීමට සිදුනොවේ ” යන විදිහට විහිළුවක් ලෙස කල ප්‍රකාශය කර ඇත.

අදාළ ප්‍රකාශය, වත්මන් ආර්ථික තත්ත්වය මැද සිටින ජනතාවගේ කණගාටුවට හේතු වු අතර, විපක්ෂය එය පිළිබඳව විශ්වාස භංගය ගෙන එන බව ද ප්‍රකාශ කර ඇත.

මෙම පීඩනය මත ඇමති ටකු එකෝ ඉල්ලා අස්වීමට තීරණය කළ අතර, මේ සමඟම අගමැති ෂිගේරු ඉෂිබාගේ ප්‍රබලත්වය සෙමින් පහත වැටෙන තත්ත්වය ද දක්නට ලැබෙයි.

ජපානයේ ඉතිහාසය අනුව, සහල් මිල ඉහළ යාමක් 1918 දී ඇතිවූ ජන කැරැල්ලකටත් හේතුවී ඇති අතර, එවිට රජය පවා පෙරලා දැමුණි.

 

 

Image credit goes to by : https://www.independent.co.uk/

Don't forget to share this post!

Recent Posts

733
December 28, 2025