චීන මාධ්‍ය සමූහය විසින් සංවිධානය කරන ලද අතිවිශිෂ්ට “CMG ජාත්‍යන්තර රොබෝ බොක්සිං තරඟ මාලාවේ” විශේෂ අවසන් වැඩසටහන පසුගිය දිනයක චීනයේ Hangzhou නගරයේදී ජයග්‍රාහීව අවසන් විය.
ලොව ප්‍රථම වරට මානවරූපී රොබෝවරුන් සම්බන්ධ වූ මෙම සටන් තරඟය, විද්‍යාත්මක නවෝත්පාදනයක් ලෙසත්, විනෝදාත්මක උණුසුම් අත්දැකීමක් ලෙසත් ගෝලීය ප්‍රේක්ෂකයින් අතර විශාල අවධානයක් දිනාගෙන ඇත.
වට තුනකින් සමන්විත තරඟාවලිය තුළ, පහරදීම්වලට අනුව ලකුණු ලබාදීමේ ක්‍රමය යටතේ තීරණය කෙරුණි. අවසන් වටයේදී, තීරණාත්මක දණහිස් පහරක් මඟින් ප්‍රතිවාදියා බිම හෙළමින් “AI Strategist” නමින් හැඳින්වූ කණ්ඩායම ශූරතා නාමය අත්පත් කර ගත්තේය.
මෙම තරඟය චීන මාධ්‍ය සමූහයේ දේශීය හා ජාත්‍යන්තර වේදිකා ඔස්සේ සජීවීව විකාශනය විය, එය බොහෝ දෙනාගේ සිත්ගන්නාසුළු තරඟයකි.