අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ විධායක නියෝගයක් අනුව, රටවල් 12කට අමෙරිකාවට ඇතුළු වීම තහනම් කිරීමට නියමිතය. මෙම නියෝගය 2025 ජුනි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම තීරණය, විදේශීය ත්‍රස්ත ක්‍රියාකාරකම් වලින් අමෙරිකාව ආරක්ෂා කිරීමේ අරමුණින් ගෙන ඇති බව සඳහන් වේ.
තහනම් වූ රටවල්: ඇෆ්ගනිස්තානය, මියෙන්මාරය, චැඩ්, කොංගෝ, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, යේමනය
අමෙරිකාවේ ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් වන රටවල් වශයෙන් මේ 12ක් දැක්වේ.අදාළ විධායක නියෝගය යටතේ, තවත් රටවල් 7කට අර්ධ සංචාරක තහනමක්ද පනවා ඇත.
ඒවා නම්: බුරුන්ඩි, කියුබා, ලාඕස, සියෙරා ලියෝන්, ටොංගෝ, ටර්ක්මෙනිස්තානය, වෙනිසියුලාව