ලොස් ඇන්ජලීස් නගරයේ පැවති නොසන්සුන්කාරී තත්වය සජීවීව විකාශනය කරමින් සිටි Nine හි වාර්තාකරිනියකට රබර් උණ්ඩයකින් වෙඩි තැබීමේ පුවත දෙස් විදෙස් මාධ්‍ය වල දැඩි අවදානයට ලක්ව ඇත. මෙලෙස වෙඩි වැදීමට ලක්වූයේ මෙරට මාධ්‍යවේදිනියක් වන Lauren Tomasi නම් වාර්තාකාරිනියයි.
ලොස් ඇන්ජලිස් පොලීසිය (LAPD) විසින් කරන ලද මෙම වෙඩි තැබීම ගෝලීය වශයෙන් බොහෝ දෙන හෙළා දැක ඇති අතර එක්සත් ජනපදයේ මාධ්‍ය නිදහස ගැන සැලකිලිමත් වන කණ්ඩායම් සඳහා මෙය කැළඹිලි ලක්ෂ්‍යයක් බවට පත්ව ඇත. ඇය දැනටමත් සුවෙන් පසුවන අතර තමන් මෙම වාර්තාකරණය නොනවත්වන බවද ප්‍රකාශ කර ඇත.
Nine පවසන ආකාරයට ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවයි තහවුරු කර ඇත.
සිඩ්නි වේලාවෙන් සඳුදා උදෑසන සිදුවූ මෙම වෙඩි තැබීමේ සිද්දිය BBC, The Independent, CBS, NBC සහ USA Today ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. වෙඩි තැබීමට පෙර නිලධාරියෙකු Tomasi ඉලක්ක කර ගන්න ආකාරය චැනල් Nine හි දර්ශනවල පටිගත වී ඇති අතර මෙම රූප රාමු ලොව පුර සමාජ මාධ්‍යවල පැතිරී ඇත.
“අද ලොස් ඇන්ජලීස් සිට සජීවීව වාර්තා කරමින් සිටියදී ඕස්ට්‍රේලියානු වාර්තාකාරිනී Lauren Tomasi හට පොලිසිය රබර් උණ්ඩ එල්ල කළා” යනුවෙන් ට්‍රම්ප්ට එරෙහි රිපබ්ලිකන්වරු නිකුත් කල එක්ස් පණිවිඩයක්ද මිලියන නවයකට ආසන්න නැරඹුම් ලබා ගත්තේය. මෙලෙස අද උදෑසන වන විට එම වෙඩි තැබීම ලොව පුරා සමාජ මාධ්‍ය වල මිලියන ගණනකගේ සාකච්චාවට සහ විවේචනයට ලක් වන පුවතක්ව ඇත.