Princes Bridge එක අසල Sunset Picnic එකක්
හවසට ඉර බැහැල යන ලස්සන view එකක් එක්ක date එකකට මීට වඩා හොඳ තවත් තැනක් නෑ. ඔයාලගේ favourite snacks ගොඩකුත් එක්ක picnic rug එකත් අරගෙන මෙතනට යන්න දෙපාරක් හිතන්න එපා. සමහර දවස් වලට sunset එකට පස්සෙ ලස්සන මල් වෙඩි සංදර්ශනයකුත් බලන්න පුළුවන්.
ලස්සන Gallery එකක් හරහා අත්වැල් බැඳගෙන ඇවිදින්න
ඔයාගේ date එකට වෙනස්ම අත්දැකීමක් එක් කරගන්න melbourne වල free exhibition එකක් බලන්න යන්න කැමතිද. The Outsiders හි දී ඔයාට ඕස්ට්‍රේලියාවේ පුළුල්ම වීදි කලා එකතුව බලන්න පුළුවන්. නැත්නම් සංගීතයට කැමති ඔයාට, melbourne වලම තියන Australian Music Vault එකට යන්නත් පුළුවන්. සංගීතය ගැන කතා කරන්න රස බෙදාගන්න මේක හොඳම තැනක්.
නොමිලේ චිත්‍රපටයක් නරඹන්න
සල්ලි දීල බලනවා වෙනුවට නොමිලේ චිත්‍රපටියක් බලමුද? narrm ngarrgu වල Library Cinema එකේ සමකාලීන, සම්භාව්‍ය සහ වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය කරනවා. නැත්නම් ඔබට ලස්සන රාත්‍රියක outdoor cinema අත්දැකීමකට Fed Square එකට යන්නත් පුළුවන්.
සංරක්ෂණාගාරයක් හරහා ආදරෙන් ඇවිදන් යන්න
රෝස මල් සුවඳ පිරුණු සංරක්ෂණාගාරයක් හරහා හිමින් ඇවිදන් යන්න. වසරකට පස් වතාවක් එකිනෙකට වෙනස් වන විශ්මයජනක මල් සංදර්ශනයක් සමග වෙනස්ම කාලගුණයක් අත්විඳින්න.
මුහුදු පැල්පත්වල ගී ගයන්න
The Mission to Seafarers හි මුහුදු පැල්පත්වල ගීත ගායනා කරන්න. මේක සාමාන්‍ය karaoke night එකක් නෙවෙයි. Folk songs එක්ක එන අමුතුම වැඩක්. එදා දවසේ ගායන තරුව ඔයා වෙන්නත් පුළුවන්. මගහැර ගන්න එපා. සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 7 සිට රාත්‍රී 10 දක්වා විවෘතයි.
හොඳම රහස් උද්‍යාන නරඹන්න
Melbourne වල නාගරික වනාන්තර උද්‍යානවල නිදහසේ ඇවිදින්න. නාගරික පරිසරය මැද ඇති මේ හරිත උද්‍යාන ඔබට වෙනස්ම ඡායාරූප ගොන්නක් සහ අත්දැකීමක් ලබා දේවි. මෙම උද්‍යාන ඕනෑම කෙනෙකුගේ සිත් ඇද බැඳ ගන්න අතර මග සොයා ගැනීම සඳහා ඔබට නොමිලේම සිතියමක්ද ලැබේ.
State Library එකේ පොත් අතර ඇවිදින්න
වෙනස්ම විදිහේ සම්භාව්‍ය අත්දැකීමකට, මෙම පොත් වලින් පිරුණු සුන්දර ස්ථානයට යන්න. තේජාන්විත ගෝලාකාර සිවිලිමට යට සිට හෝ පුස්තකාලය පිටත ඇති නිල් තණකොළ පියස මත සිට ඔබ කැමතිම පොතක් එක්ක රසවත් දේ කතා කරන්න. පොත් වලට ආදරය කරන ඔබට හරියනම තැන මෙන්න.
Nostalgic සිනමා ප්‍රදර්ශනයක movie magic එකක් කරන්න
ACMI හි අතීතය, වර්තමානය සහ අනාගතය හරහා ඇවිද යන්න. ඔබ අද්විතීය හා වෙනස්ම විදිහේ කලාවන්ට ආදරය කරන අයනම් මේක ඔබට අමතක නොවන විදිහේ date එකක් වෙයි. පැරණි සෙවනැලි රූකඩ, කැමරා, සුවිශේෂී ඇඳුම්, චිත්‍රපට දර්ශනතල සහ සමකාලීන කලාව පිරුණු වෙනස්ම තැනක් මේක. ඕස්ට්‍රේලියානු සම්භාව්‍යය අත්දැකීමකට හොඳම තැන.
Tranquil pop-up pavilion වෙත යන්න
ඔබට නිදහසේ කාලය ගත කිරීමට MPavilion හි ආකර්ෂණීය ස්ථාන රැසක් ඇත. Queen Victoria Gardens හි සැඟවී ඇති ප්‍රසිද්ධ ජපන් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් නිර්මාණය කරන ලද මෙම නවීන ව්‍යුහය ඔබට දැකගත හැකිය. නොමිලේ වැඩමුළු, ප්‍රසංග ආදී අත්දැකීම් රැසක්ද අත්විඳිය හැක.