අද උදෑසන (AEST) Jeddah හිදී සවුදි අරාබියට එරෙහිව 2-1 ක් ලෙස ගෝල වාර්තා කරමින් Socceroos, 2026 FIFA ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ඇති බව Football Australia ආඩම්බරයෙන් තහවුරු කරයි.
මෙම ප්‍රතිඵලයත් සමග හත්වන වරටත් පාපන්දු ලෝක කුසලානයේ තම ස්ථානය තහවුරු කරගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ඕස්ට්‍රේලියාව පා පන්දු ලෝක කුසලානයක් සඳහා අඛණ්ඩව සුදුසුස්කම් ලබන හයවන අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. ලෝක පාපන්දු ක්‍රීඩාව තුළ මෙරට ජාතික කණ්ඩායමේ ස්ථාවරය තහවුරු කරන සහ ඕස්ට්‍රේලියාවේ පා පන්දු ක්‍රීඩාව සඳහා නොමැකෙන වටිනාකමක් ගොඩනඟන කැපී පෙනෙන ජයග්‍රහණයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
FIFA ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ගමන් මගේදී Perth හි Optus ක්‍රීඩාංගනයේ දී 57,226 ක ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ ජපානයට එරෙහිව 1-0 ක් ලෙස ලැබූ තියුණු ජයග්‍රහණයද ඕස්ට්‍රේලියානු පාපන්දු ඉතිහාසයේ වඩාත් කැපී පෙනෙන අවස්තාවක් නිර්මාණය කළේය.
අද උදෑසන King Abdullah Sports City හි පැවති තරඟයේදී ඕස්ට්‍රේලියානුවන්ගේ පරිණත සහ ජය පිපාසිත ක්‍රීඩා විලාශය ඔවුන්ව විශිෂ්ට ජයග්‍රහණයක් කර ගෙන යාමට සමත් විය.