සිනා තොටක් රැගෙන නිරෝෂා විරාජිනී සමගින් චන්දන ලියනාරච්චි එකම වේදිකාවක ප්‍රථම වරට

  • Home
  • /
  • Events
  • /
  • සිනා තොටක් රැගෙන නිරෝෂා විරාජිනී සමගින් චන්දන ලියනාරච්චි එකම වේදිකාවක ප්‍රථම වරට

ශ්‍රී ලාංකීය කලාවට, ලාංකීය ගීතයට ආදරය කරන ඕනෑම කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන් Event එකක් ගැන තමයි අද අපි කියන්න යන්නෙ. මේ Event එක සංවිධානය කරන්නේ ඕස්ට්‍රේලියාවේ ඉතාම ලස්සන, වෙනස්ම විදිහේ වැඩ ගොඩක් කරපු Team එකක් විසින්. ඒ තමයි Awakasha Entertainment. 

මේ  අරගෙන එන ප්‍රසංගයේ නම තමයි “සිනා තොටක්”. සිනා තොටක් කියපු ගමන් කාටත් මුලින්ම මතක් වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි ශ්‍රී ලාංකීය රසික හදවත් තුළ තම මිහිරි හඬ නොමැකෙන ලෙස සටහන් කළ, දශක ගණනාවක් මුළුල්ලේ එකිනෙකට වෙනස් ගීත ගණනාවක් තම හඬින් හැඩ කළ ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ඉතාම ජනප්‍රිය ගීත කෝකිලාව නිරෝෂා විරාජිනී. ඒ විතරක් නෙවෙයි. ලාංකීය ගීත කලාවේ වෙනස්ම ආකාරයක හඩ පෞරුෂයක් හිමි, මගේ ආදරේ තරම්, පොල් රුප්පාවේ, සඳ කුමාරි වැනි ගීත ගණනාවකින් රසික ආදරය දිනාගත් ආදරණීය හඬ චන්දන ලියනාරච්චි දෙන්නා තමයි සිනා තොටක් ප්‍රසංගයට ඔබ වෙනුවෙන් ගයන්නට එන්නේ. මේ ආදරණීය කලාකරුවන් දෙදෙනාම එකම වේදිකාවකින් මෙල්බර්න් නුවරදි හමුවන්නේ ප්‍රථම වතාවට වීමත් විශේෂත්වයක්. 

ජූලි මස 13වන සෙනසුරාදා Burnwood වල The Besen Centre  එකේ සවස 5ට තමයි වැඩේ තියෙන්නේ. ඔයාලට tickets ගන්න පුලුවන් Link එකත් අපි මේකට යටින් එකතු කරලා තියෙනවා. ඔයාලට ඒ හරහා tickets ලබාගන්න පුලුවන්. පහළ තියන number එකට call එකක් දීලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. 

නිරෝෂා විරාජිනී, චන්දන ලියනාරච්චි කිව්වම කවුරුත් දන්නවා වගේ මේක අනිවාර්‍යෙන්ම ඉතාම ලස්සන, හැඟුම්බර ප්‍රසංගයක් වනවා නොඅනුමානයි. ඉතින් ප්‍රථම වරට සංවිධානය වෙන මේ ලස්සනම ලස්සන ප්‍රසංගය නරඹන්න එන්න කියලා ඔයාලා හැමෝටම ආදර‍යෙන් ආරාධනා කරනවා.

Link –  https://auslankatickets.com/onlineticket.php?eventid=1384145 

වැඩිදුර විස්තර සඳහා විමසීම් –  0404706121- Samitha

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025