2025 දී ලොව ජීවත්වීමට සුදුසුම නගර 10 අතරට මෙරට නගර 3ක්

  • Home
  • /
  • Blog
  • /
  • 2025 දී ලොව ජීවත්වීමට සුදුසුම නගර 10 අතරට මෙරට නගර 3ක්

The Economist Intelligence Unit (EIU) හි Global Liveability Index මගින් සෑම වසරකම ලොව ජීවත් වීමට වඩාත් සුදුසු නගර ශ්‍රේණිගත කිරීමක් සිදු කරනවා. The Economist Intelligence Unit’s Global Liveability Index 2025ට අනුව මෙරට නගර 3ක් හොඳම නගර 10 අතරට  තේරී පත් වී තිබීම කැපී පෙනුණා. ඒ අනුව Melbourn නැවත වරක් Sydney පරදා 4වන ස්ථානයට පත්ව ඇති අතර Sydney සහ Adelaide පිළිවලින් 6 වන සහ 9 වන ස්ථාන වලට පත්ව තිබෙනවා. හොඳම නගර 10න් වැඩිම සංඛ්‍යාවකට උරුමකම් කියන්නේද ඔස්ට්‍රේලියාවයි.

මෙලෙස ස්ථාවරත්වය, සෞඛ්‍ය සේවා, සංස්කෘතිය සහ පරිසරය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් යන විවිධ කාණ්ඩ හරහා ලොව පුරා නගර 173 ක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම දර්ශකය ප්‍රකාශයට පත්කර තිබෙන්නේ. 

මෙහි ප්‍රථම ස්ථානයේ රැදෙන්නේ ඩෙන්මාකයේ අගනුවර වන Copenhagen නගරයයි. මීට පෙර වසර වලදී ජීවත් වීමට හොඳම නගරය ලෙස අංක 1 රැදී සිටි ඔස්ට්‍රියාවේ Vienna නගරයට මෙවර හිමි වන්නේ 2 වන ස්ථානයයි. 3 වන ස්ථානයට පත් වන්නේ ස්විට්සලන්තයේ Zurich නගරයයි. 

ඉන්පසු පිළිවලින් ඕස්ට්‍රේලියාවේ Melbourne, ස්විට්සලන්තයේ Geneva, ඕස්ට්‍රේලියාවේ Sydney, ජපානයේ Osaka, නවසීලන්තයේ Auckland, ඕස්ට්‍රේලියාවේ Adelaide හා කැනඩාවේ Vancouver වනවා.

Copenhagen ස්ථාවරත්වය, අධ්‍යාපනය, සහ යටිතල පහසුකම් සඳහා ඉහළ ලකුණු ලබා තිබෙනවා. Melbourne, Sydney සහ Adelaide යන නගර 3ම සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන අංශ සඳහා වඩාත් හොඳ ලකුණු ලබා තිබෙනු දක්නට ලැබුණා.

මෙහි ඉහළින්ම රැඳෙන ඇමෙරිකානු නගරය වන්නේ හවායි හි Honolulu නගරයයි. එයට දර්ශකයේ 23 වන ස්ථානය හිමිව තිබෙනවා.

සෞදි අරාබියේ Al Khobar නගරය සිය ස්ථානය 148 සිට 135 දක්වා වර්ධනය කර ගැනීමට සමත්ව ඇති අතර ඒ අනුව එය මෙවර වැඩිම ප්‍රගතියක් පෙන්වූ නගරයයි.

යුධ තත්වයක් පවතින සිරියාවේ Damascus නගරය නැවත වරක් ජීවත් වීමට නුසුදුසුම නගරය බවට පත්ව තිබෙනවා.

 

Don't forget to share this post!

Recent Posts

licensed-image (2)
July 3, 2025