ඕස්ට්‍රේලියාවේ උසම Alpine ගම්මානය

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ උසම Alpine ගම්මානය

ඕස්ට්‍රේලියාවේ උසම Alpine ගම්මානය තමයි හොතම්. ඔයත් මේ winter එකේදී Hotham වල නිවාඩුවකට හරි විනෝද චාරිකාවකට හරි යනවනම් ඔයාටත් වෙනස්ම අත්දැකීමක් ලබාගන්න පුළුවන්. දර්ශනීය කඳු වැටියක් මත ඉදිකර ඇති මෙම නිවාඩු නිකේතනයේ සිට විවිධ ක්‍රියාකාරකම් ගොඩකට සහභාගී වෙන්නත් ඔයාට අවස්ථාව තියනවා. කුඩා ළමයින් සඳහා විශේෂ වූ ක්‍රියාකාරකම් ද අත්විඳිය හැකියි.

පැයකට පුද්ගලයින් 24,000 කට වැඩි පිරිසකට පහසුකම් සපයන lifts 13 ක්, කිලෝමීටර් දෙකහමාරක් දක්වා පහළට ධාවනය වන ධාවන පථ සහ නවීන snow-making පහසුකම් සමඟ, විශාල පිරිසකට එකවර සහභාගී විය හැකි ක්‍රියාකාරකම් රැසකට මෙහිදී අවස්ථාව ලැබෙනවා.

ඔයාට පළපුරුදු skiers සහ boardersල ගෙන් අවශ්‍ය පුහුණුව ලබා ගන්නත් පුළුවන්. මේ සඳහා විශේෂ වැඩසටහන් සූදානම් කරලා තියනවා. වයස අවුරුදු 3 සිට 14 දක්වා දරුවන්ට ski හෝ board කිරීමට ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට වෙනම Kids Snow zone එකකුත් තියනවා.මාස 3ත් අවුරුදු 5ත් අතර දරුවන් සඳහා වූ විශේෂ Daycare එකකුත් සියලු පහසුකම් සහිතව ක්‍රියාත්මකයි.

ටිකක් වෙනස් අත්දැකීමකට කැමති නම්,හිමෙන් වැහුණු කඳු හරහා විශ්මයජනක හෙලිකොප්ටර් සවාරියක් වගේම මිත්‍රශීලී සයිබීරියානු හස්කි කණ්ඩායමක් එක්ක සම්බන්ධ වෙලා sled dog tour එකක් යන්නත් පුළුවන්.

ඉතින් යන්න කැමති ඔයාට Melbourne වල සිට පය 4 හමාරක් වගේ කාලෙකිනුත් Sydney වල  සිට පැය 8ක වගේ කාලෙකිනුත් හොතම් ඇල්පයින් නිවාඩු නිකේතනය දක්වා යන්න පුළුවන්.

මේ වගේ තැනකට යනකොට විශේෂයෙන්ම මතක තබාගත යුතු දේවල් කිහිපයක් තියනවා. Snow season එකේදී Mount Hotham Alpine Resort එකට ඇතුළු වන සියලුම වාහන snow chains සවි කර තිබිය යුතුයි. Ladder chains, spider chains සහ snow socks සඳහා අවසර ලැබෙන්නේ නැහැ. තවත් මේ වගේ tips ගොඩක් ඉස්සරහට අරගෙන එන්නම්.

Don't forget to share this post!

Recent Posts

IMG_8338
July 1, 2025