සීතල කාලගුණයත් එක්කම ඔබ යා යුතු හොඳම restaurants 5ක් තමයි මේ අරගෙන ආවේ.
- Farmer’s Daughters
Melbourne වල සිටම රට පුරා සංචාරයක් යාමට හොඳම තැනක් මේක. බටහිර තැනිතලාවේ කුඹුරුවල සිට Murray හි පලතුරු දක්වාත්, මහා සාගරයේ සිට මිදි වතු දක්වාත් සියලු රස සැමරීමට විධායක සූපවේදී Alejandro Saravia විසින් විශේෂයෙන්ම පිළියෙළ කරන ආහාර වර්ග රැසක් ඔබට මෙහිදී රස විඳිය හැක.
95 Exhibition Street, Melbourne
- Dessous
මෙල්බර්න් වල සීතල සන්ධ්‍යාවක් ගත කිරීමට හොඳම අවන්හලක් තමයි Dessous. සිත් ඇදගන්නා ආලෝකයන් සහ ආකර්ෂණීය පැරණි මෝස්තරයේ අලංකරණ සමගින් මෙය Flinders වීදියේ අමතක නොවන චිත්‍රයක් මවනවා.
විශිෂ්ට cocktail රසවිඳින ගමන් තවත් ආහාර රැසක් රස බලන්න. spanner crab donuts with caviar, squid with sambal, red curry corn fritters ඇතුළු ආහාර රැසක්.
164 Flinders Lane, Melbourne
- Tipo 00
මේ ශීත ඉර්තුවේදී ඔබගේ ප්‍රියතම පැස්ටා මෙහිදී රස විඳිය හැක. එත් සමගම තවත් ඉතාලි රසයන් හා අනෙකුත් කෑම වර්ග රැසක්. Squid ink taglione, braised rabbit parpadelle ඇතුළු විවිධ රසයන් ඔබට මෙහිදී හමු වෙවී.
361 Little Bourke Street, Melbourne
- Maha
ඔබේ ප්‍රියතම මද පෙරදිග කුළු බඩු රසයන්ගෙන් රස ගන්වන ලද අනර්ග කෑම වේලක් සඳහා සුදුසුම තැනක් මෙන්න. සම්මානලාභී සූපවේදියෙකු සහ අවන්හල් හිමියෙකු වන Shane Delia, රසයෙන් පිරුණු කෑම වර්ග සහිත ආහාර රැසක් සමගින් ඔබට නවුම්ම අත්දැකීමක් ලබා දෙයි. නිර්මාංශ ඔබ සඳහාම ගැලපෙන vegan set menu එකකුත් මෙතන තියනවා.
21 Bond Street, Melbourne
- HuTong
සීතල දවසක රසවත් dumplings කමුද. නගරයේ රසවත්ම dumplings සෑදීමට ප්‍රසිද්ධ HuTong වෙතින් ඔබට වෙනස්ම අත්දැකීමක් ලැබෙනු ඇත. කලින් වෙන් කරවා ගැනීමක් කිරීමටද අවස්ථාව තියනවා. රසවත් dumplings සමග spicy chilli chicken ඇතුළු තවත් කෑම බොහොමයක් ඔබට රස විඳිය හැකියි.