NSW ප්‍රදේශයේ ප්‍රධාන නගරය වන Sydney සිට Newcastle සහ Wollongong වැනි සුන්දර කලාපීය ප්‍රදේශ දක්වා පැතිරුණු විවිධත්වයකින් යුත් සුවිශේෂී අත්දැකීමක් ලබා ගැනීමට අවශ්‍ය ඔබට New South Wales හි ඔබගේ උසස් අධ්‍යාපනය ආරම්භ කළ හැක.
QS ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළම විශ්ව විද්‍යාල 200ට අයත් විශ්ව විද්‍යාල 6ක් ඇතුළුව විශ්ව විද්‍යාල 12 ක් New South Wales ප්‍රදේශයට අයත් වේ. QS හි හොඳම ශිෂ්‍ය නගර ශ්‍රේණිගත කිරීම් (Best Student Cities Rankings) වල හොඳම නගර 10 අතරට ද Sydney නගරය අයත්.
NSW යනු ඕස්ට්‍රේලියාවේ මූල්‍ය මධ්‍යස්ථානය වන අතර 2030 වන විට එහි ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 1 ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. New South Wales හි අගනුවර වන සිඩ්නි, ඉහළම පෙළේ විශ්ව විද්‍යාල, රාජ්‍ය සහ පෞද්ගලික වෘත්තීය විද්‍යාල සහ පාසල් මෙන්ම ඉංග්‍රීසි භාෂා අධ්‍යයනයේ ද නිවහන වන අතර Sydney නගරය තුළ නවීනතම විද්‍යා විෂයන්ගේ සිට කලාව සහ මානව ශාස්ත්‍ර විෂයන් දක්වා පුළුල් පරාසයක අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු සිදු වේ. එම නිසා ඔබ කැමති කුමන ක්ෂේත්‍රයක වුවද අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය පූර්ණ පහසුකම් මෙම නගරය තුල සොයා ගත හැක.
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් 500 න් 200 කට වැඩි ප්‍රමාණයක් NSW හි පිහිටා ඇති අතර ඕස්ට්‍රේලියාවේ tech start-ups වලින් 64% ක් පිහිටා ඇත්තේද Sydney වලය. මේවා සියලුම දේශීය සහ අන්තර්ජාතික සිසුන් සඳහා පුළුල් රැකියා වෙළඳපොළක් නිර්මාණය කරයි.
NSW යනු අධ්‍යාපන නවෝත්පාදනයේ නිවහන වන අතර ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන තාක්‍ෂණ (EdTech) සමාගම් වලින් 40% ක් මෙම ප්‍රදේශය තුළ පිහිටා ඇත.
ඊට අමතරව අනෙකුත් ප්‍රධාන කර්මාන්තවලට ඇතුළත් වන්නේ:
- Financial and Insurance Services
- Scientific and Technical Services
- Information Media
- Telecommunications Industries
ඔබටත් NSW උසස් අධ්‍යාපනය සඳහා තෝරාගත් විට, ලොව පුරා විවිධ රටවල් 160 කට වැඩි ගණනකින් පැමිණි ජාත්‍යන්තර සිසුන් 200,000 කට වැඩි සංඛ්‍යාවක් සමඟ එක් විය හැක. විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය ලබන NSW හි පදිංචිකරුවන්ගෙන් 30% ක් විදේශයන්හි උපත ලැබූවන් වන අතර ඔවුන් භාෂා 275 කට වඩා කතා කරයි.
මිලියන 5.2 කට වඩා වැඩි ජනගහනයක් ජීවත් වන Sydney යනු ලොව ශ්‍රේෂ්ඨ නගරවලින් එකක් ලෙස පිළිගැනෙන අතර එය ඉහළ ජීවන තත්ත්වයක් ඇති නගර 10 අතර ද ශ්‍රේණිගතව ඇත.
Sydney හි ප්‍රධාන අධ්‍යාපන ආයතන කිහිපයක්;
- Macquarie University
- University of Sydney
- University of New South Wales
- University of Technology Sydney
- TAFE NSW
- Western Sydney University
ඔබට විස්මිත Sydney වරාය, Bondi සහ Manly හි වෙරළ තීරයන් වෙත ගියත්, නැතහොත් Sydney නගරය තුළ වුවත් බොහෝ සුන්දර ස්ථාන දැක බලාගත හැක. ලෝකයේ වඩාත්ම කැපී පෙනෙන සහ ප්‍රසිද්ධ ගොඩනැගිලි වලින් එකක් වන සිඩ්නි ඔපෙරා හවුස් පිහිටා ඇත්තේද මෙම සුන්දර නගරය තුළයි. ලොව විශාලතම කෙටි චිත්‍රපට උළෙල සහ දර්ශනීය Vivid Sydney festival ද එහිදී ඔබට අත්දැකීමට හැකි වනු ඇත.
ඔස්ට්‍රේලියාව තුළ උසස් අධ්‍යාපනය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබට සුන්දර Sydney නගරය හොඳම නවාතැනක් වනු ඇත.