කොළ පුරවලා apply කරන Parent visa එකේ සහයට දැන් online service එකකුත් ඇවිත්. ඔයා application form එක (paper form එක) පාවිච්චි කරලා අයදුම් කළා උනත්, එය අදාළ ස්ථානයට ලැබී ඇති බව ඔවුන් දැනුම් දුන්නට පස්සේ ඔයාගේ application එක ImmiAccount එකට import කරන්න දැන් ඔයාට පුළුවන්.
මේ විදිහට ImmiAccount එකට application එක import කරන එකෙන් අයදුම්කරුවන්ට ඔවුන්ගේ අයදුම්පත කළමනාකරණය කිරීම පහසු කරන මාර්ගගත සේවාවන් රාශියකට ප්‍රවේශය ලබා දෙනවා. එම සේවා අතර:
- සහාය ලේඛන upload කිරීම
- ලැබෙන පණිවිඩ බැලීම
- පුද්ගලික තොරතුරු update කිරීම
- Application එකේ status එක බලා ගැනීම
2018 නොවැම්බර් මාසයට පෙර ගොනු කරන ලද Parent (subclass 103) visa අයදුම්පත් හැර, සියලුම නව සහ පවතින අයදුම්පත් සඳහා මෙම සේවාවන් ලබා ගන්න පුළුවන්.
ImmiAccount එකට paper application එක upload කරන විදිහ පියවරෙන් පියවර ඔයාට බලාගන්න ඕනෙනම් government එකේ Department of Home Affairs මේ website එකට යන්න.