ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සමග හිමිවන වගකීම් සහ වරප්‍රසාද ගැන දැන සිටියද?
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය කියන්නේ ඔබගේ සංක්‍රමණික කතාවේ වැදගත්ම පියවරක්. ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම යන්නෙන් අදහස් වන්නේ ඔබ රට, රටේ සම්පත් හා වටිනාකම් වෙනුවෙන් කැපවන බවයි. එය ඕස්ට්‍රේලියානු සමාජය තුළ ඔබේ විධිමත් සාමාජිකත්වයේ ආරම්භය වගේම, ඔබට ‘මම ඕස්ට්‍රේලියානුවෙක්’ යැයි කීමට හැකි වන පළමු පියවරද වෙනවා.
ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වූ විට, ඔබට අමතර වගකීම් සහ වරප්‍රසාද ලැබෙනු ඇත.
වගකීම් – ඔබ ඕස්ට්‍රේලියාවට ලබා දෙන දේ
- ඕස්ට්‍රේලියාවේ නීතිවලට කීකරු විය යුතුය
- ෆෙඩරල් සහ ප්‍රාන්ත හෝ ප්‍රදේශ මැතිවරණවලදී මෙන්ම ජනමත විචාරණයකදී ඡන්දය දිය යුතුය.
- අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඕස්ට්‍රේලියාව ආරක්ෂා කළ යුතුය
- කැඳවනු ලැබුවහොත් ජූරි සේවයේ (Jury Duty) සේවය කළ යුතුය
වරප්‍රසාද – ඕස්ට්‍රේලියාව ඔබට ලබා දෙන දේ
- ෆෙඩරල් සහ ප්‍රාන්ත හෝ ප්‍රදේශ මැතිවරණවලදී සහ ජනමත විචාරණයකදී ඡන්දය ලබා දිය හැකිය.
- විදේශයන්හි උපත ලබන දරුවන්ට පරම්පරාවෙන් ඕස්ට්‍රේලියානු පුරවැසියන් වීමට අයදුම් කළ හැකිය
- ඕස්ට්‍රේලියානු රාජ්‍ය සේවයේ හෝ ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ රැකියාවක් සඳහා අයදුම් කළ හැකිය.
- පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා ඉදිරිපත් විය හැක.
- ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කළ හැක.
- විදේශගතව සිටියදී ඕස්ට්‍රේලියානු කොන්සල් ජනරාල් කාර්යාලයේ සහාය ඉල්ලා සිටිය හැක.
ප්‍රතිඥාව
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ප්‍රදානය කෙරෙන උත්සවයේදී, ඔබ කැපවීමේ ප්‍රතිඥාව ලබා දෙනු ඇත. එසේ කිරීමෙන්, ඔබ රට වෙනුවෙන් කැපවන බව සහ පුරවැසිභාවයේ වගකීම් සහ වරප්‍රසාද ප්‍රසිද්ධියේ පිළිගනී.
එම ප්‍රතිඥාවේදී,
- ඕස්ට්‍රේලියාවට සහ එහි ජනතාවට ඔබේ පක්ෂපාතිත්වය ලබාදීමටත්
- ඕස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසයන් පිළිගන්නා බව සහ එහි අයිතිවාසිකම් සහ නිදහසට ගරු කරන බවත්
- ඕස්ට්‍රේලියාවේ නීති ආරක්ෂා කිරීමට සහ ඒවාට කීකරු වීමටත් ඔබ ප්‍රතිඥා දෙනු ඇත.
ඕස්ට්‍රේලියාවේ පුරවැසි ප්‍රතිඥාව (Australian Citizenship Pledge) ලබා දෙන තුරු ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු නොවේ.