අමෙරිකානු නළු ජෝ මැරිනෙලි දැයෙන් සමුගනී

  • Home
  • /
  • Blog
  • /
  • අමෙරිකානු නළු ජෝ මැරිනෙලි දැයෙන් සමුගනී

“ද මෝනිං ෂෝ” සහ “සැන්ටා බාබරා” ඇතුළු නාට්‍ය රැසක් රංගනයෙන් දායක වූ, ඇමරිකාවේ ජනප්‍රිය නළු ජෝ මැරිනෙලි (Joe Marinelli) මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මියයන විට වයස 68 යි.උගුරේ සහ අමාශයේ පිළිකා රෝගී තත්ත්වයකින් වසර කිහිපයක් පුරාවට රෝගීව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.1957 ජනවාරි 21 වැනිදා ඇමරිකාවේ කොනෙක්ටිකට් හි මෙරිඩන් නගරයේ උපත ලැබූ ඔහු, වයස අවුරුදු 4 වන විට දකුණු කැලිෆෝනියාවේ පදිංචි වූයේය.

ඔහුගේ අධ්‍යාපන ගමන ආරම්භ වූයේ ලොස් ඇන්ජලීස් හි ආර්කේඩියා උසස් පාසලෙන්ය. පසුව නෙවාඩා හි රෙනෝ උසස් පාසලටද ඇතුළත් වූ ඔහු, උසස් අධ්‍යාපනය සඳහා ලන්ඩනයේ ලොයෝලා මේරිමවුන්ට් විශ්ව විද්‍යාලය සහ රාජකීය නාට්‍ය කලා ඇකඩමිය (Royal Academy of Dramatic Art – RADA) යන ආයතනවලින් අධ්‍යාපනය ලබයි.

නළුකමට පූර්ණයෙන්ම කැප වූ මැරිනෙලි, 1988 සිට 1990 දක්වා “සැන්ටා බාබරා” නාට්‍යයේ බර්නාඩෝ “බනී” ටැග්ලියාටි චරිතය රඟපෑය. එහි සාර්ථකත්වයෙන් පසුව, ඔහු 1993 දී “Guiding Light” නාට්‍යයේ පෝලි හාර්ඩ්මන් ලෙස රඟපෑමෙන් දායක වූ අතර, 1999 සිට 2001 තෙක් “General Hospital” හි ජෝසප් සොරෙල් චරිතය නිරූපණය කළේය.

ඔහුගේ රංගන ජීවිතය තුළ, One Last Ride, Hunter, ER, The King of Queens, NYPD Blue, The West Wing, The Practice, House, Castle, Desperate Housewives, Parenthood, The Offer, Ray Donovan යන රූපවාහිනී වැඩසටහන් සහ චිත්‍රපට 50කට අධික ප්‍රමාණයකට දායක වීම විශේෂත්වයකි.

Don't forget to share this post!

Recent Posts

licensed-image (2)
July 3, 2025